අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


ගොඩ දවසකට පස්සෙ මේ පැත්තට එන්න වෙලාවක් ලැබුනා. ඉතින් කාලෙකින් ආපු එකේ හිතුන පොඩි කතාවක් කියන්න. මේක ඇත්තම සීන් එකක්. හැබැයි ඉතින් කතාව කියවල ඉවරවෙලා මට බනින්න එහෙම එපා හොඳද ?

මේ කියන සීන් එක උනේ 2004 අවුරුද්දෙ. ඒ කියන්නෙ අපි ඕ ලෙවෙල් පන්තියෙ. එදා ඉඳන්ම අතුකෝරලයයි මමයි එකටම තමා හිටියෙ. අපි දෙන්න එකම ජාතියෙ ඩයල් දෙක. දෙන්නටම වැඩ බෑ. මොනව කරන්නද ඉතින්. මට වාර විභාගෙට ලකුණු 80කට වඩා තිබුනෙ බුද්ධාගමට විතරයි. අනික් හැම එකටම ලකුණු තිස් ගනන් තමා තිබුණෙ. විශේෂෙන් සිංහල වලටයි ගණන් වලටයි. අපි දෙන්න හැමදාම ගනන් මිස්ගෙනුයි සිංහල මිස්ගෙනුයි බැනුම් අහනවා. හැමදාම මෙහෙම ඉඳල බැරි නිසා මම හිතුව බැහැල වැඩ කරනව කියල.

ඔන්න ඉතින් එදා සිංහල පීරියඩ් එක. එදා තිබුනෙ සාහිත්‍ය කොටස. ඒ කිව්වෙ ඉස්සර සිංහල වලට වෙනම කෑල්ලක් එනවනෙ සහිත්‍ය කියල අන්න ඒ පාඩමක් තිබුනෙ. මට මතක නෑ හරියටම පාඩම මොකක්ද කියල. එදා කරුමෙට මම අච්චු පොතත් අරගෙනම ගියා හොඳට ඉගෙන ගන්න ඕන නිසා.දැන් මිස් පාඩම කරගෙන යනවා. සාහිත්‍ය වචන වල සරල තේරුමත් කියාගෙන පාඩමත් විස්තර කරගෙන යනවා. මමත් ඉතින් බැරි වචන ටික පොතේ ලියාගෙන ලියාගෙන යනවා. දැන් මට තේරුනා මිස්ට වචනයක් මග ඇරුන කියල. මිස් ඉතින් ඒ ඡේදෙ විස්තර කරල ඉවරවෙලා ඇහුවා තව ඔයාලට බැරි වචන තියෙනවද කියලා. දැන් තමා මිස්ට මග ඇරුණු වචනෙ අහන්න හොඳම වෙලාව.

" මිස් තිසරපට කියන්නෙ මොකක්ද ? "

මම මුලු පංතියටම ඇහෙන්න කෑ ගහල ඇහුවා. එක පාරටම පංතියම හොලමන් වෙලා වගේ ගියා.

" ඔයාට වෙන දෙයක් තිබ්බෙම නැද්ද අහන්න... "

මිස් සැරට වගේ ඇහුවා. දැන් ක්ලාස් එකේ කෙල්ලො සෙට් එකත් නෝන්ඩියට වගේ හිනා වෙනව.මට තේරුන කොහෙහරි අව්ලක් වෙලා කියල. මම හිමින් සීරුවෙ අතුකෝරලයට කිට්ටු කරා.

" මොකක්ද බන් තිසරපට කියන්නෙ ? "

" ඇයි බන් උඹ දන්නෙ නැද්ද ? තිසරපට කියන්නෙ බ්‍රෙසි*** එකටනෙ... "

හතිලව්වයි.මට පොලව පලාගෙන යන්න හිතුන. මදැයි ඉඳල ඉඳල සිංහල ඉගෙන ගන්න ආව.

**********************************************************************************************************

අම්මප ඕන තැනක දිව්රල කියන්නම්. අතුකෝරලය කියනකම් මම දැනන් හිටියෙ නෑ තිසරපට කියන්නෙ මොකක්ද කියල.ඉස්කෝලෙ කාලෙ කරපු වැඩ ගැන කියනවනම් ඉතින් පොතක් පිරෙන්න ලියන්න පුලුවන්. මතකනෙ මම මැරතන් දුවපු හැටි ;) ;)

Bookmark and Share
Related Posts with Thumbnails