අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


".... මා පෙම් කළ තැනැත්තිය මට විවාහ කර ගැනීමට නොහැකි විය. මම තවමත් ඇය ගැන සිතමි. තැවෙමි. මගේ ජීවිතයේ ඛේදය එනිසාද ?..."

මා පෙම් කළ තැනැත්තිය මට විවාහ කර ගැනීමට හැකි විය. මම දැන් මගේ විවාහය ගැන සිතමි. තැවෙමි. මගේ ජීවිතයේ ඛේදය එනිසාද ?..."

" දැඩි වෙහෙස හෝ පීඩනය යටතේ සිටියද, ගැහැණියට සිය සැමියා සමග කතා කරමින් යම් කාලයක් ගෙවා දැමීමට අවශ්‍ය වේ. නමුත් සැමියා එය දකින්නේ ඔහුගේ නිදහසට බාධා කිරීමක් ලෙසය. ගැහැණියට පෙනෙන අන්දමට ඔහු ආදරය නැත. තමන්ට ඇල්මක් හා කැමැත්තක් නොදක්වයි. මිනිසාට පෙනන අන්දමට ඇය ඔහුගේ කෝපය අවුස්සයි. නිදහසට බාධා කරයි. එනිසා බොහෝ කාන්තාවන් ඉතා සුළු දෙයින් තැවෙයි. මේ වැටහීම් ඔවුන්ගේ මොලයේ විවිධ සංවිධානය වීම් හා ප්‍රමුඛතාවයන්ගේ ප්‍රතිබිම්භයන් ය..."

" සරත් විජේසූරිය " මහතාගේ " සිතක වෙහෙස " පොතේ මෙවන් වූ අන් අත්දැකීම් රාශියක් ගෙන හැර දක්වා ඇත. මෙහි අන්තර්ගතව ඇත්තේ විවාහක පිරිමින්ගේ පවුල් ජීවිත අත්දැකීම්ය. සමහරකට දැන් ජීවිතය වැරදී අවසානය. ජීවිතයට පාඩමක් ඉගෙන ගන්නට තමන්ටම අත්දැකීම් ලබා ගැනීම අත්‍යාවශ්‍ය නැත. අනුන්ගේ අත්දැකීම් වලිනුත් අපේ ජීවිතයට අත්දැකීම් ලබා ගන්නට පුළුවන් බව මට සිතෙන ආකාරයයි.


" කවරෙකු වුව අනවශ්‍ය ලෙස තමන් ගැන අධි තක්සේරුවක රැඳී නොසිට , අහංකාර නොවී , මමත්වයෙන් මඬනා ලද්දෙකු නොවී , නම්‍යශීලී වන්නේ නම් ජීවිතයට අවැසි , ජීවිතයෙන් ගිලිහුණු කවර දෙයක් වුවද යලි තමන් සන්තක කර ගත හැකි බව කිව යුතුය...."

" ලිංගික අධ්‍යාපනය යන්න අපේ ගුරුවරු වැඩිහිටියන් තැති ගන්න මාතෘකාවකි. අනවශ්‍ය සදාචාරයක් හිස මත තබා ගත් යුතු නැත. අවිද්‍යාවෙන් අඳුරකට තල්ලු වී යාමට වඩා විද්‍යාත්මක අවබෝධයකින් නිසි මගට අවතීර්ණ වීම වැදගත්ය...."

" වර්තමාන තරුණයෙකු හා තරුණියක අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වුණ මුල් වකවානුව තුල සිදුවන එක් දෙයක් නම් දෙදෙනාගේම ජංගම දුරකථන බිල විශාල වශයෙන් ඉහල යාමයි, නැතහොත් විශාල වශයෙන් කාඩ් පත් මිලට ගෙන තිබීමයි..."

ජීවිතයේ ප්‍රශ්ණ තියෙන්නෙ මට විතරද ? ගොඩක් වෙලාවට අපිට එහෙම හිතනවා. ඒත් ප්‍රශ්ණ තියෙන එකම පුද්ගලය මම නෙමෙයි කියන එක දැන ගන්න එයාලගෙ ජීවිත වලට එබිල බැලුවම අපිට තේරෙයි. සමහර විට එයාලගෙ ප්‍රශ්ණ දැක්කම මට තියෙන ඒව ප්‍රශ්ණ ද කියලත් හිතෙන්න පුළුවන්.

" මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
දෙපා නොමැති ඔබ දකින තුරා..."

විවේක වෙලාවක කියවන්න හම්බුන පොතක් ගැන විස්තර ඔයාලත් එක්ක බෙදා හදා ගන්න මට හිතුනෙ අන්න ඒ නිසයි.ඉතින් පුළුවන්නම් මිලදී අරගෙන බලන්න , නැත්නම් පුස්තකාලයකින් අරගෙන බලන්න. බොලඳ නව කතාවක් කියවනවට වඩා පොලවෙ පය ගහල ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිත වලට එබිල ඇත්ත කොයි තරම් තිත්ත ද කියල පොඩ්ඩක් බලන්න.

Bookmark and Share

14 comments:

තිස්ස දොඩන්ගොඩ said...

අපූරු මතක් කිරීමක් සුදු මහත්තයා...
වෙබ් එකේම ඇති වෙලා වෙබ් එකේම මිය යන ප්‍රේම වෘතාන්ත වලිනුත් අඩුවක් නෑ දැන් දැන්...
නදී සොයුරිය "බස්" එකේ දමා තිබූ ලින්කුවකින් මෙනෙතැනට ආවේ...
ජය..!

RanDil said...

මේ පොතේ ම භාර්යාවන්ගේ පැමිණිලි කියලා තවත් පොතක් තියෙනවා. අනිත් අයට මන් දන්නේ නැහැ. මට නං හිතුනේ තනිකරම ‍ඕපදූප ටිකක් විතරයි කියලායි. මේ වගේ ප්‍රශ්නයකදී කටයුතු කරන්න ඕනෑ මොන විදිහටද, තමන්ගේ පැත්තෙන් ම කියන කථාවේ කියන කෙනාගේ අඬු ලුහුඬු කම් මොනවද යන්න සාකච්ඡා වෙලා නැහැ. එහෙම සාකච්ඡාවක් ඕනෑ නැත්නම් අපි නවකථාවක් කියවනවානේ, අපට ඕනෑ දේ හිතාගන්න නේද? :)

සුදු මහත්තයා said...

@RanDil

ඕපදූපයක් කියලම මට හිතෙන්නෙ නෑ. මොකද එයාල කියල තියෙන්නෙ එයාලගෙ ඇත්ත ජීවිතයෙ අත්දැකීම් නිසා. මේ පොතේ මම දකින අඩුව දෙපාර්ශවයෙම අදහස් එකට නැති එකයි. මේ පොතේ අන්තිමට තියෙනව ඒ වගේ කතා දෙක තුනක්. අන්න ඒ ටික නම් හොඳයි.

සුදු මහත්තයා said...

@තිස්ස අයියා.

ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට. දැන් බ්ලොග් එක සිංඩියෙත් නැති නිසා කට්ටිය එනව අඩුයි. නදී සහෝදරීගෙ බස් එකේ රූට් නම්බර් එක එවන්න විදිහක් නැද්ද ?

තිස්ස දොඩන්ගොඩ said...

මෙන්න මහත්තයෝ...
https://plus.google.com/100322906745669231427/posts/67D3VLAy9DX

දැන් සින්ඩි ගොඩක් තියේනේ...? අනෙක් එව්වටත් දාන්න මලේ...
මේ පෝස්ට් තරුණ ලමයි කියෝන එක වඩාත් හොඳා...

ප්‍රාර්ථනා said...

හ්ම්ම්... හරිම වැදගත් වෙන පොතක් වගේ , කියවලා බලන්න ඕනේ.. මොකද සුදු මහත්තයා වැඩිය පෙන්න නැත්තේ...

රහස් පරික්ෂකයා said...

වැදගත් වටින ලිපියක්....
වැඩිය කියවෙන්නේ නැති නමුත් කියවිය යුතු දෙයක්.

අර මිරිවැඩි සගලේ කතාව මටත් හොදට දැනිලා තිනවා...

ගලයා said...

ගලයා අදයි ක‍ටු සටහන ක‍ටු ගාන්න අවේ...නියමයි නෙව...මට පුදුම උණක් තිබ්බේ රජරට(අපේ) යුනියේ කෙනෙක්ගේ බ්ලොග් එකක් පීරන්න..අද තමා මාලුවා වතුරට වැ‍ටුනේ....ලස්සන හර බර අදහස...

Prabhath Darshana said...

අඩෝ මාත් දැක්ක මේ පොත. මේකනං හැමෝම කියවන්න ඕන වටින පොතක්. අහ් පොත් දෙකක්.. :D

න දී said...

mamath kiyewwa me potha.

අභීත said...

සුදු මහත්තයා ඇයි දැන් ලියන්නේ නැත්තේ.... :(

සුදු මහත්තයා said...

ඔන්න සුදු මහත්තයට සුදු මහත්තයගෙනම කොමෙන්ට් එකක් ,., එලනේ ,., :D ම්ම් කියවල බලන්න ඕනි මේ පොත මම පොත් කියවනන් කෙන්ක්නේ ,,., එලයි ඈ

jeewani nilanka said...

wedagath lipiyak..kiyawanna onema pothak...thanks aiya,

Unknown said...

Guys just sharing, I've found this interesting! Check it out! https://goo.gl/OjG3jZ

more info

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails