අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC



මේ දවස් වල ගොඩක් තැන් වල අහන්න දකින්න ලැබෙන එකක් තමයි තමන්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක හැක් වෙලා එහෙමත් නැත්නම් ජීමේල් යාහූ එකවුන්ට් එක හැක් වෙලා එහෙමත් නැත්නම් තමන්ගෙ බ්ලොග් එක හැක්වෙලා කියන කතාව. ඒ වගේම ගොඩක් අය ඉගෙන ගන්නත් උනන්දු මාතෘකාවත් තමා මේ හැකින් කියන්නෙ.මොකද මම දැකල තියෙනව ගොඩක් ෆෝරම් වල තියෙනව ජීමේල් යාහූ එහෙමත් නැත්නම් ෆේස්බුක් හැක් කරන්න සොෆ්ට්වෙයාර් දෙන්න කියල ඉල්ලල තියෙනවා. ඉතින් මම හිතුවා අද ඔයාලට කොහොමද යාහූ ජීමේල් ෆේස්බුක් එකවුන්ට් එකක් හැඛ් කරන්නෙ කියල. හොඳට පුරුදු උනොත් ඔයාලත පුලුවන් මම මේ කියල දෙන ක්‍රමෙන් වෙබ් සයිට් එකක ඇඩ්මින් එකවුන්ට් එකත් හැක් කරන්න. ඉතින් වැඩි කතා ඕනෙ නෑ නෙ. අපි කෙලින්ම බහිමු වැඩේට.

මේ වැඩේට අපිට ඕන පොඩි ටූල් ටිකක්. බයවෙන්නෙපා.මේව දැනටමත් ඔයාල ගාව තියෙනවා. අපිට වැඩි මහන්සියක් නැතුව වැඩේට බහින්න පුලුවන්.මෙන්න මේව තමා ඕන කරන්නෙ.

  1. වැඩකරන තත්වයේ කම්පියුටර් එකක්. මේක තරමක් වේගවත් වන තරමට වැඩේ ලේසියි.
  2. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්

දැන් ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ඔයාලට හැක් කරන්න ඕන කෙනාගෙ යූසර්නේම් එක හරි එහෙමත් නැත්නම් ඒ අදාල ඊමේල් ඇඩ්‍රස් එක හොයා ගන්න එක. මේක ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්නෙ. ඊලඟට තමා අමාරුම වැඩේ. ඒ තමයි මේ හැක් කරන්න යන එකවුන්ට් එකට අදාල පාස්වර්ඩ් එක හොයාගන්න එක. දැන් මේ ටික කරල ඔයාලට මහන්සිත් ඇතිනෙ. එහෙනම් මේ තේක බීල ඉන්නකෝ. අපි ඊට පස්සෙ බලමු කොහොමද පාස්වර්ඩ් එක හොයාගන්නෙ. ප්‍රොග්‍රැමින් දන්නෙ නැති කට්ටිය බයවෙන්නෙපා අපි කොහොමද කෝඩ් ලියන්නෙ අපි ඕව දන්නෙ නෑනෙ කියල. බයවෙන්නෙපා මම කාටත් තේරෙන විදිහට තමා වැඩේ කියල දෙන්නෙ. එහෙනම් ඉතින් බය නොවී අපි බහිමු වැඩේට. ආ අමතක උනානෙ, මේ තේක බීල ඉන්න. නැත්නම් ඇල් වෙයි.


දැන් තමා වැඩේ ඉතුරු ටික. ඒ කිව්වෙ පාස්වර්ඩ් එක හොයා ගන්න එක. මේක තමා ලේසිම කොටස. ඔයාලට කරන්න තියෙන්නෙ ඕගොල්ලො අර කලින් ඊමේල් එක හොයා ගත්තනෙ හැක් කරන්න ඕන එකවුන්ට් එක අයිති කාරයගෙ. ඒ මනුස්සයට වැඳල හරි කමක් නෑ පොඩ්ඩකට පාස්වර්ඩ් එක ඉල්ල ගන්න. එච්චරයි. වැඩේ සිම්පල්. දැන් ඉතින් යූසර්නේම් පාස්වර්ඩ් දෙකම තියෙනවනෙ.හැක් කරපු එකවුන්ට් එකට ලොග් වෙලා බලන්න. ඔයාලට මේ ක්‍රමේ අනුගමනය කරල ලේසියෙන්ම ඔයාගෙ පෙම්වතා හෝ පෙම්වතියගෙ එකවුන්ට් එක ලේසියෙන්ම හැක් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අත්හදා බලල කියන්නකෝ.

Bookmark and Share

45 comments:

මල්$han said...

අඩේ උඹ නම දෙයක් නෙවේ දේවාලයක්...උඹ වැස්ස වෙලාවට තෙමෙන්න එපා... සායි බබා නැති උනා වගේ නෙවේ උඹ නැති උනොත්..ලෝකයාට එක දරාගන්න බැරි වෙනවා....

මල්$han said...

සමා වෙන්ඩෝ අතන අර "දෙයක්" කියන එක "දෙයියෙක්" කියලා නිවැරදි වෙන්න ඕනි.

සුදු මහත්තයා said...

ඒකනෙ. අපිම ඉන්න ඕන උඹලට වැඩක් කියල දෙන්න. දැන් කොහොමද ? එකවුන්ට් කීයක් හැක් කරාද ?

ගජං මල්ලි said...

හැබෑටම බං උඹේ මොල ගෙඩිය ඉල්ලගන්න බැරිද?

සුදු මහත්තයා said...

බෑ බෑ. මගෙ මොලේ දෙන්න බෑ.

Tharaka Weerasekara said...

මේ වගේ වැදගත් තොරතුරු නොමිලේ දෙන එක හරි පුදුම වටින දෙයක්. එහෙම කරන එක ඔයාට පාඩු නැද්ද?

සුදු මහත්තයා said...

@ තාරක.

ඇත්තටම මමත් ගොඩක් මහන්සියෙන් තමා ඔය දේවල් ඉගෙන ගත්තෙ. ඒත් ඉතින් අනික් අය ගැන හිතල මේව නිකන් කියල දෙන්න හිතුනා.

Anonymous said...

මෙහෙම ගොං ආතල් දෙනකොට වැඩිවෙනව කියල හිතාගෙන ඇති නේද? පව්...

Observer said...

හෆ්පේ පුතාට බුදු බව අත්වෙන්න ඕනෙ මේ වගේ දේවල් කෂ්ටියට කියල දෙනවට.....

සුදු මහත්තයා said...

@ ඇනෝ.

කමෙන්ට් කරපු විදියෙන්ම තේරෙනව ගොං ආතල් දෙන්නෙ කව්ද කියලා. නපුංසක කම ප්‍රදර්ශනය කරන්නෙපා. චා වෙන්නෙ ඔයාවමයි.

@ Observer

තෑන්ක් යූ අංකල්

Anonymous said...

pissu yakek

Anonymous said...
This comment has been removed by a blog administrator.
buwa said...

මේ උඹේ යුසර් නේම් පාස්වර්ඩි දියන්කො මට උඹව හැක් කරන්න ආසයි

Theekshana said...

කොහොමද බං මේ ක්‍රමෙ හොයගත්තෙ. අනෙ අම්මප උබනම්... මෙ දවස් වල හෙන ගහනවා පරිස්සමෙන් හි හි

Nadun said...

මේ ක්‍රමය ටිකක් දුරට සාරත්කයි. කොලෙක්ගේ ගිනුමක් හැක් කරන්න ඕනම් කෙලෙක් ගේ නමින් E-mail address හදලා වැඩේට බහිනවා.

Anonymous said...

උබේ බ්ලෝග් එක ආය කිසිදා නොබලමි. ‍අපේ වටිනා වෙලාව කන මීහරකා ආව මෙතන හැක් කරන හැටි කියලා දෙන්න.

බීටා said...

අඩේ අය්යෙ උඹට මේතරම් මේ දෙවල් ගැන ඉගෙන ගත්තේ කොහොමද.......?
අඩේ ඔය ඔලුවට පින්නක් වත් වැටෙන්න දෙන්න එපා..........
වෙලාවට මගේ කෙලීට ඔය අකවුන්ට් මොනවත් නෑ..... නැත්තන් මටත් හැකරයෙක් වෙන්න තිබ්බා........

මොනව උනත් කියල දුන්නට ස්තූති අය්යෙ.......හික්...:)

ආ කියන්න අමතක උනා මගේ බ්ලොගේ පන්නනවට ස්තූති හොඳේ....
http://sithehisithuwam.blogspot.com/2011/04/blog-post_25.html

Anonymous said...

thankxx!

අනුරාධ said...

හෙ හෙ... අම්මපා මන් දැනන් උන්නෙ නෑනෙ මේ ක‍රමේ.... අදම ටයි කොරලා බලන්න ඕනා :D

කුරුං ගුරුං said...

අපෙ අප්පෝ..බයේ බැ....උඹ මගේ ගම කන්නේ තැනි එක ගැන මාගේ නමස්කාර පූර්වක ස්තූතිය....

සුසිත රවින්ද සෙනරත් said...

කවුරුත් හැකින් හැකින් කිව්වට එය mail account එකකට අනවසරයෙන් ඇතුළුවීම hacking නෙමෙයි. ඔතනදි server එකට ඇතුළුවෙලා දත්ත හොරාගැනීමක් කරන්නෙ නෑ. gmail , facebook වගේ සේවාවන්ට ඒක කල නොහැකියි කියන්න පුළුවන්. මෙතනදි කරන්නෙ පරිශීලකයාම රවට්ටල password එක හොරකම් කිරීම. මේකට කියන්නෙ phishing කියලයි කියන්නෙ. විකිපීඩියාවෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

MaXoR said...

නියමයි මචං, ඔය විදිහට උඔව හැක් කරන්න බැරිද බං. අනේ බං උ‍ෙඕ User Name, Password එකයි දියන්කෝ පොඩ්ඩක් කරලා බලන්න. හැබැයි අතිසාර්ථක ක්‍රමයක්. වෙන කාටවත් කියන්න යන්න එපා

Anonymous said...

මච0 ගොන් කතා ලියලා කොල්ලොන්ගේ වෙලාව කන්න එපා බන් ...වැඩගත් දෙයක් ලියපන්.නැත්නම් උබේ බ්ලොග් 1 බලන්නත් එපා වෙනවා

dilshan Niroda

මදුශාන් said...

අම්මප!! මෙවාටද හැකිං කියන්නෙ??හත් ඉලව්වයි මමත් යලුවො 15කගෙ විතර fb,gmail එකවුන්ට් හැක් කරල තියනව එහෙනම්!!...මමත් එහෙනම් නම ගිය හැකර් කෙනෙක් ආ!! ලොලේ ලොල් කිව්වලු!!

මදුශාන් said...

ආආආ මට බඩ්ඩක් අමතක උනා!! ඔය විදියට හැක් කරන්න කොම්පිතරයක්ම ඕනි නැ මම 10 පාරක් විතර පොං එකෙනුත් හැක්ං කොලානෙ!!!

සුදු මහත්තයා said...

@ සුසිත

හැක් කිරීමේදී සර්වර් එකකටම ඇතුළුවීම අවශ්‍යයැයි මම හිතන්නෙ නෑ. තමන්ට වෙනත් කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ඔහුගේ කුමන හෝ ගිණුමකට ඇතුලූ වී බලනවානම් ඒකත් එක්තරා ආකාරයක හැක් කිරීමක් තමයි.මේක තනිකරම pishing ක්‍රමයක් වෙන්න බෑ.pretexting හරි Vishing / Phone Phishing වෙන්නත් පුළුවන්.

සුදු මහත්තයා said...

@ ඇනෝ / දිල්ශාන්

මම කාටවත් බල කරල නෑ මගෙ බ්ලොග් එක බලන්න කියලා. උඹට මගෙ බ්ලොග් එක බලන්න එපා වෙනවනම් නොබල ඉඳපන්. කිසිම ප්‍රශ්නයක් නෑ. මම ලියන දේවල් කාටවත් ඕන විදිහට මම වෙනස් කරන්නෙ නෑ.

සුදු මහත්තයා said...

@ කුරුං

හැබැයි උඹ මම උඹේ පෝස්ට් වලට දාන කමෙන්ට් සේරම පබ්ලිශ් කරේ නැත්නම් මම ගාව තියෙන උබේ යූසර් නේම් එකෙනුයි පාස් එකෙනුයි ලොග් වෙලා ඒ සේරම පබ්ලිශ් කරනව හොඳේ. :P

සුදු මහත්තයා said...

කමෙන්ට් කරපු අනෙක් සියළු දෙනාටත් මගේ ස්තූතිය.. වෙන වෙනම කමෙන්ට් කරන්න ගියොත් මේක මගේ කමෙන්ට් වලින් වැහෙයි. ඒ නිසා ඔක්කොටම එකට ස්තූති කරන්නම්.

-HacKrisH- | හැක්ක්‍රිෂ් said...

හහ්... හහ්... මාත් යූස් කොරන්නෙ ඔය ක්‍රමය... ලොල්ස්.........

කුරුං ගුරුං said...

ඔන්න කොලා...උඹ ඉතින් ගොනා කියල මරන්නය?

පිණිබිඳු... said...

මේක හොයාගන්න සෑහෙන්න දුක් විඳින්න ඇති නේද. කොච්චර නිදි මරන්න ඇතිද. හප්පා. ඒ වගේද හොයාගත්ත එක. නොබෙල් තෑග්ග හම්බෙන්නයි තිබුනෙ.

෴දඟයා෴ said...

මේ මම ඉතුරු ටික තවම කියේව්වෙ නැහැ...තේ එකට සිනි මදි ...

හිම කුමාරි said...

ආ... තේ එක බිව්වට පස්සෙ ඉතුරුටික කියවන්න අමතකවුනානෙ :P

Anonymous said...

you nigga is so crazy lol
nice article anyway ;)

Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...
This comment has been removed by a blog administrator.
සනෝජ් තරංග said...

ane username password dannawanam oka hack karanna ithin meka balanna onayi

Anonymous said...

mu nam amu gonek minissu rawattana ubawath ikmanatama hack karanawa

රහස් පරික්ෂකයා said...

නියමයි රහස් පරික්ෂක මොලයක් නේ අයියට තින්නේ....

එල එල

Manoj Priyankara Kodikara said...

හැක් කරන එක මාරම අමාරුයි නේ. එක තේ කෝප්පෙන් බේරුනා ඇති

Anonymous said...

mu pissek uba ai ban blog liyanne angoda idalada liyanne lol

Freedom said...

yako අනෙ හයියො හරි බරි ගැහිල එදෆගත්තැ මදෙ ජිමෙයිල් හැක් කොරන්න...:D

අහින්සක said...

මහට්ටයා පුක ලොකුඩ ? :3

Anonymous said...

රියල් හැකින් වැඩකෑලි දැනගන්න එන්න එක්වන්න, අපේ හැකින් ෆෝරමයත් සමඟ>
http://www.yakadaya.com/

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails