අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


ගොඩ දවසකට පස්සෙ මේ පැත්තට එන්න වෙලාවක් ලැබුනා. ඉතින් කාලෙකින් ආපු එකේ හිතුන පොඩි කතාවක් කියන්න. මේක ඇත්තම සීන් එකක්. හැබැයි ඉතින් කතාව කියවල ඉවරවෙලා මට බනින්න එහෙම එපා හොඳද ?

මේ කියන සීන් එක උනේ 2004 අවුරුද්දෙ. ඒ කියන්නෙ අපි ඕ ලෙවෙල් පන්තියෙ. එදා ඉඳන්ම අතුකෝරලයයි මමයි එකටම තමා හිටියෙ. අපි දෙන්න එකම ජාතියෙ ඩයල් දෙක. දෙන්නටම වැඩ බෑ. මොනව කරන්නද ඉතින්. මට වාර විභාගෙට ලකුණු 80කට වඩා තිබුනෙ බුද්ධාගමට විතරයි. අනික් හැම එකටම ලකුණු තිස් ගනන් තමා තිබුණෙ. විශේෂෙන් සිංහල වලටයි ගණන් වලටයි. අපි දෙන්න හැමදාම ගනන් මිස්ගෙනුයි සිංහල මිස්ගෙනුයි බැනුම් අහනවා. හැමදාම මෙහෙම ඉඳල බැරි නිසා මම හිතුව බැහැල වැඩ කරනව කියල.

ඔන්න ඉතින් එදා සිංහල පීරියඩ් එක. එදා තිබුනෙ සාහිත්‍ය කොටස. ඒ කිව්වෙ ඉස්සර සිංහල වලට වෙනම කෑල්ලක් එනවනෙ සහිත්‍ය කියල අන්න ඒ පාඩමක් තිබුනෙ. මට මතක නෑ හරියටම පාඩම මොකක්ද කියල. එදා කරුමෙට මම අච්චු පොතත් අරගෙනම ගියා හොඳට ඉගෙන ගන්න ඕන නිසා.දැන් මිස් පාඩම කරගෙන යනවා. සාහිත්‍ය වචන වල සරල තේරුමත් කියාගෙන පාඩමත් විස්තර කරගෙන යනවා. මමත් ඉතින් බැරි වචන ටික පොතේ ලියාගෙන ලියාගෙන යනවා. දැන් මට තේරුනා මිස්ට වචනයක් මග ඇරුන කියල. මිස් ඉතින් ඒ ඡේදෙ විස්තර කරල ඉවරවෙලා ඇහුවා තව ඔයාලට බැරි වචන තියෙනවද කියලා. දැන් තමා මිස්ට මග ඇරුණු වචනෙ අහන්න හොඳම වෙලාව.

" මිස් තිසරපට කියන්නෙ මොකක්ද ? "

මම මුලු පංතියටම ඇහෙන්න කෑ ගහල ඇහුවා. එක පාරටම පංතියම හොලමන් වෙලා වගේ ගියා.

" ඔයාට වෙන දෙයක් තිබ්බෙම නැද්ද අහන්න... "

මිස් සැරට වගේ ඇහුවා. දැන් ක්ලාස් එකේ කෙල්ලො සෙට් එකත් නෝන්ඩියට වගේ හිනා වෙනව.මට තේරුන කොහෙහරි අව්ලක් වෙලා කියල. මම හිමින් සීරුවෙ අතුකෝරලයට කිට්ටු කරා.

" මොකක්ද බන් තිසරපට කියන්නෙ ? "

" ඇයි බන් උඹ දන්නෙ නැද්ද ? තිසරපට කියන්නෙ බ්‍රෙසි*** එකටනෙ... "

හතිලව්වයි.මට පොලව පලාගෙන යන්න හිතුන. මදැයි ඉඳල ඉඳල සිංහල ඉගෙන ගන්න ආව.

**********************************************************************************************************

අම්මප ඕන තැනක දිව්රල කියන්නම්. අතුකෝරලය කියනකම් මම දැනන් හිටියෙ නෑ තිසරපට කියන්නෙ මොකක්ද කියල.ඉස්කෝලෙ කාලෙ කරපු වැඩ ගැන කියනවනම් ඉතින් පොතක් පිරෙන්න ලියන්න පුලුවන්. මතකනෙ මම මැරතන් දුවපු හැටි ;) ;)

Bookmark and Share

23 comments:

DarKneT | ඉෂාර said...

දැන් කියන කම් මම දන්නෙත් නෑනේ ‍:D

අපි නම් ඔය වගේ ඒවා අහන්නේ Health පීරියඩ් එකේදි , ඒ මිස් නම් අහන ඕන එකක් කියල දෙනවා :P ( ගෑනු ලමයි පීරියඩ් කට් කරන එකම පීරියඩ් එක :D )

මල්$han said...

යකෝ...මූව උල තියන්න එපැයි

සුදු මහත්තයා said...

@ ඉෂාර

අපිට ඒ පාඩම තිබ්බෙ නමය වසරෙදිනෙ. අපිටත් කරේ මිස් කෙනෙක්. ඒ පාඩම කරන්න කියල කෑ ගහල එදත් පංතිය ඉස්සරහ හොඳට චා උනා. ඒව ඉතින් මෙතන කියන එක හරි නෑ නෙ.

සුදු මහත්තයා said...

@ මල්ෂාන්

ඒ මොකටෙයි O.o

dinesh said...

අපිනම් ඕව හෝඩියට බාර දෙන්න කලින් ඉඳලම දැන ගෙන හිටිය.;)

Col3Neg said...

col3neg : ටීචර් කියල දුන්නෙ නෑ එතකෙට? :(

චතුවා (ළමයා) said...

දිනේෂ්ගේ කතාවම තමා ම‍ටත්.. හික්ස්

රත්ගමයා said...

අඩේ සුදු...බබා.....ඇත්තටම තිසර පට කියන්නේ මොකක්ද??

nawammawatha said...

බොල මේකව උල තියන්න එපැයි අර මල්ශාන් කිව්ව වගේ. තව නොදන්න දෙයක් තියනවනං අහගනින් ඉස්සරහට අනාගන්නෙ නැතුව. :)

Kathandara said...

ඇත්තටම ඉතිං මෙහෙමත් ටීචර් ලා. සිංහල උගන්නන් නේ කොහොමද සිංහල වචනයක තේරුම කියලා දෙන්නේ නැතුව.
අනික මේකෙන් තේරෙන්නේ මේ ගැහැණිය, තමන්ගේ රාජකාරියට සූදානම් වි ඇවිත් නැති බවයි.

සුදු මහත්තයා said...

@ දිනේෂ් & චතුවා

කොහෙන්ද මචන් ඕව ඉගෙන ගත්තෙ.

සුදු මහත්තයා said...

@ රත්ගමයා

වරෙන්කො මල්ලි මූණු පොතේ චැට් එකට. මම උබට කියල දෙන්නම්. පව්නෙ පොඩි එකා. :P :P

@ නවම් මාවත.

දැන්නම් ඔයවගෙ බර වචන එන පාඩම් නෑ. වෙලාවට ඩිග්‍රි එක ඉංග්‍රිසියෙන් උගන්නන්නෙ. නැත්නම් ඉතින් කැම්පස් එකෙත් චා වෙනවා. දැන් ඉතින් කොහොමත් තේරෙන්නෙ නැති නිසා කට වහගෙන අහගෙන ඉන්න එකනෙ කරන්නෙ. ;)

සුදු මහත්තයා said...

@ කතන්දර

ඒකනෙ අයියෙ මාත් කියන්නෙ. කටින් කියන්න බැරිනම් මෙන්න මේකයි කියල පෙන්නන්නවත් තිබ්බනෙ

Prabhath Darshana said...

ඉස්කෝලෙ කාලේ නේ... අන්න ජීවිතේ සුන්දරම කාලේ.

පිණිබිඳු... said...

මට නම් ඉස්කෝලෙ කාලෙ අරහං වෙලා තිබ්බෙ ගණං. අපෝ දැනුත් එහෙමයි.

චමිත් ජයංග said...

මල හත්තිලව්වයි .... අප්පච්චියේ.... :D :D

Anonymous said...

පිස්සුද බොල බ්‍රෙසියර් කියන එකට තරු දාලා?

Hasitha said...

අනේ අනේ :))

milroy319 said...

math dawasak ohoma ahuwa puragana kiyanne mokakda kiyala...

සුදු මහත්තයා said...

@ පිනි බිඳු

අපිටනම් ගනන් අරහං කෙරෙව්වෙ ඉස්කෝලෙ අපිට උගන්නපු මිස්.

@ හසිත

නොදන්න දෙයක් අහන එක වරදක්යැ

සුදු මහත්තයා said...

@milroy319

ඒකනෙ. දන්නෙ නැති දේවල් අහල දැන ගන්න ඕන.

Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

නාඩියා නාඩිරත්න said...

චික්කෙයියා!!මෙයත් අහන කතා! :පි

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails