අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

මීට අවුරුදු හතරකට කලින් මේ මාසෙ දවසක අහම්බෙන් අපි මුණගැහුන මතකද ඔයාට. එදා ඉඳන් අපි අතර ඇතිවෙච්ච ඒ බැඳීම ආදරයකට හැරෙන්න මහ හුඟක් කල් ගියේ නෑ කියලයි මට හිතෙන්නෙ. ඒත් ඒ ආදරේ ඉස්සරහ අපි දෙන්නම ගොඩක් අසරන උනා. එහෙමෙයි කියල ඒක හිත ඇතුලෙම හංගගෙන ඉන්න අපි දෙන්නටම බැරි උනා. අහස තරම් අනන්ත ඒ ආදරේ ඉස්සරහ අපි දෙන්න පරාද උනා.

හිතටත් හොරෙන් අත අකීකරු වෙලා යවන එස්.එම්.එස් එකක අපේ ආදරේ නොලියඋනා නෙමෙයි. මගෙ පුංචි වෙනසකටත් ඔයා දවස් ගනන් නොකා නොබි අඬපු තරම් , ඔයාගෙ වෙනස්වීම් දරා ගන්න බැරිව මම හිතින් අඬපු තරම් අපි දෙන්න තරම් කවුරුවත් දන්නෙ නැතිව ඇති. ඔයා ඒ විදියට මාත් එක්ක තරහවෙලා හිටපු දවසක මගේ අකීකරු හිතින් ඔයාට මේ සිංදුව මැසේජ් කරා මතකද ?

සිනාසෙන්න මට අවසර දෙනු මැන මාහට
සිනාසෙන්න ආසයි
හඬන්න අවසර දෙනු මැන මාහට
හඬන්න මට ආසයිඒ ඔබ වෙනුවෙන් පමණයි

මේ විදියට කාලය ගෙවිල ගිහින් අපේ ජීවිතේ ඒ ලස්සනම දවස උදා උනා. 2007 ජූලි මාසෙ 14 වෙනිදා උදේ ඔයත් ඔයාගෙ හිතේ හංගගෙන හිටපු ආදරේ එලියට දැම්මා. දැන් ඒ දවස උදාවෙලා අවුරුදු තුනක් වෙනවා. කාලය ඔයාවත් මගෙන් හොරකම් කරගෙන හරි ඉක්මනට ඉගිලිලා ගිහින්. හරියට ඒ දවස අද ඊයෙ වගෙයි. මා වෙනුවෙන් හූල්ල හූල්ල අඬපු ඔයා අද මගෙ ජීවිතේට කඳුලක් ඉතුරු කරල මගෙන් ගොඩක් ඈතට පියඹලා ගිහින්.

මම දන්නවා ඔයා ආයෙ එන්නෙ නෑ. ඒ හැමදෙයක්ම අතීතෙට එකතුවෙලා. ඒත් ඒ අතීතයෙ ජීවත් වෙන්න මම ආසයි. ඒක බොලඳ කමක් වෙන්න ඇති. ඒත් ඒ බොලඳ කමටත් මම මහ හුඟක් ආදරෙයි.....

සිනාසෙන්න මට අවසර දෙනු මැන මාහට
සිනාසෙන්න ආසයි
හඬන්න අවසර දෙනු මැන මාහට
හඬන්න මට ආසයි
ඒ ඔබ වෙනුවෙන් පමණයි

අතීතයේ එක දවසක හමුවී
අපි දෙඩුවා මතකයි
පුංචිම දේටත් විරසක වීලා
අපි හැඬුවා මතකයි
කියාගන්න බැරි දහසක් සිතුවිලි
සිත පෙලුවා මතකයි ....

දුටුව පලමුදා වගේම තාමත්
සිතට ඔබව සොඳුරුයි
ඔබ ලඟ ඇත්නම් නිතර දකින්නට
මගේ ලොවම සොඳුරුයි
ගෙවෙන අදට වැඩිය එලඹෙන හෙට
දවස අපේ සොඳුරුයි....


මගෙ ජීවිතේට සතුට අරන් ඒ පුංචි සුරංගනාවී ඇවිත් (2007/07/14) අදට අවුරුදු තුනක් වෙනවා. ඔයා මගෙ ලඟ හිටියෙ බොහොම පුංචි කාලයක් උනත් ජීවිත කාලෙටම විතරක් නෙමෙයි ආත්ම ගානක් යනකම් මට ඔයාගෙ ඒ ආදරේ සුවඳ දැනෙවී.

Bookmark and Share

14 comments:

ආදර කතාව said...

හිතාගන්න බෑ මොනව කියන්නද කියල. ඒත් හැම හමුවීමක් තුලම වෙන්වීමකුත් තියනව සහෝ...

මල්$han said...

100%

සුදු මහත්තයා said...

ඔව්. ඒ දවස් වල මාත් ඔහොම හිතුවා. ඒත් හංසි කැමති උනේ නෑ මම එහෙම හිතනවට. එයා මේ ආදරේ වෙන්වීමක් පැතුවෙ නෑ. ඒත් අන්තිමට එයාම යන්න ගියා.

ආදර කතාව said...

අනේ මන්දා සුදු මහත්තයෝ මේව මේ වෙලාවෙ අහුවට කමක් නැද්ද මන්දා. හැබෑටම අර ටිකට් වගයක් විකුණන්න ගිහින් වෙච්ච පලහිලව්වට මොකෝ වුනේ?

indik said...

මටනම් ඇස්වලට කඳුළු එනව මේව කියවද්දි...
ආදරේ ඔහොම තමයි සහෝ. මොනව කරන්නද?
අපි ආදරේ කරන අයගෙන් ආදරේ ලබන්න හැමෝම පින් කරල නැහැ.

වැම්පයර් said...

හ්ම්ම්.. අනේ මන්ද මේකට මොනව කියන්නද කියල..

සුදු මහත්තයා said...

@indik එයාව ටික කාලයක් ලබා ගන්න විතරයි මම පින් කරල තියෙන්නෙ. හැමදාටම ලබා ගන්න පින් කරල තිබ්බනම්.....

පබලු said...

සිතුවිලි අස්සේ දඟ කල කුමරි
දුරට දුරට පියඹා
ගිය හැටි සිහිවෙන මොහොතක් පාසා
නෙතට කදුලු එනවා

හද ඉස්මත්තේ දිවුර දිවුර ඔබ
මගෙ වෙන බව කියලා
මගේ සෙනෙහස මග දමා
නුබ දුරට දුරට යනවා ( පබලු )

මට නම් හිතෙනවා එයා ආයේ ඒවි කියලා....

ඉසුරු said...

සුදු මහත්තයෝ (මෙහෙම කිව්වට කමක් නැද්ද මංදා... මොකද මම අලුත් කෙනෙක් නිසා) ඔයාගෙ කතාව මාර ලස්සනයි. මම මුල ඉඳලම ඒක කියෙව්වා, අපේ ජීවිත වල සමහර තැන් ගොඩාක්ම දුක විදියට අවසන් වුනත්, කවදාක හරි ඒ මතක සටහන් ගොඩාක් සුන්දර විදියට අපේ හිතේ ජීවත් වෙනවා. ඔයාගේ සටහන දිගටම කරගෙන යන්න මගෙන් සුභපැතුම්!!!

හුටපටයා said...

ආත්ම ගනනකට පතන ඇයව නුඹට ලැබෙන දවස වැඩි ඈතක නොවෙයි.

Geeth said...
This comment has been removed by the author.
Geeth said...

මම මුල ඉදන්ම ඔයගෙ කතව කියෙවුව.ලසනයි ඒත් ගොඩක්‌ දුක හිතෙනව.ආදරේ තෙරුම් ගන හරි අමරුයි.දිගටම ලියන.සුබ පතනව.

නිපුනdk said...

මේ තියෙන්නෙ මගේ අත්දැකීම.හැමදේම වෙන්නෙ හොදටයි කියලා තමා එදා අපි හිත හදා ගත්තේ. :'-)

Tharaka Dilshan said...

මේ කතා අහද්දි ඇස් දෙකට කඳුලු උනන 1 නවත්තන්න අමාරැයි..
සුබ පතනවා...

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails