අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

ඔබ, ඇය දෙවුර මතින්ම දෙගොඩ තලා ගිය කඳුළු ගඟ මම වෙම්, දෙවුරේ හැපි හැපි මේ කඳුළු ගඟ තව දුරටත් කෙසේ ගලම්ද ? වසන්තයද නිමාවී වෙන්ව යන්නට කාලය එලඹ ඇත. සිතින් වෙන් නොවී ගතින් වෙන් වෙලා යමු. ඉතින් හමු නොවේ යලි අප

ඔබ එක ඉවුරකි
ඇය එක ඉවුරකි
කඳුලු ගඟකි මා ....
දෙගොඩ තලා ගිය
කඳුලු ගඟකි මා....
දෙවුරෙ හැපි හැපි
දෙවුරේ රැඳි රැඳි
තව දුර යන්නට බෑ
තව දුර යන්නට බෑ......

වසන්තය නිමාවී
මගෙන් ඔබ දුරස් වී
ඉතින් හමු නොවේ යලි
ගතින් වෙන් වෙලා යමු...

නුවන් පෙර බලා ඉමි
නෙතින් ඔබ වෙලා ගමි
ඉතින් හමු නොවේ යලි
සිතින් වෙන් නොවී...
සිතින් වෙන් නොවී ඉමු......


Oba Eka Iuraki - Chamara Weerasinghe

ඔබ එක ඉවුරකි - චාමර වීරසිංහ

Bookmark and Share

8 comments:

වැම්පයර් said...

ම්ම්..චාමර වීරසිංහ මොනවහරි කරන්න උත්සාහ කරන කොල්ලෙක්, ඔය බස් අජිත්ලට වඩා පියවර කීපයක් ඉදිරියෙන්... හොඳ සින්දුව..

සුදු මහත්තයා said...

චාමරගෙ සිංදුවල ගොඩක් හිතට දැනෙන ගතියක් තියෙනවා.

බස් අජිත්ට මිනිස්සු කොයි තරම් බැන්නත් මිනිහටත් හොඳ මාකට් එකක් තියෙනවා

වැම්පයර් said...

ඔව් ඇත්ත. මාකට් එකක් තියෙනව තමයි. ඒත් චාමර සෑහෙන්න ඉස්සරහින් ගීත ‍තෝරාගැනීමෙනුත් හඬ පාලනයෙනුත්.

සුදු මහත්තයා said...

ඒක ඇත්ත. චාමරගෙ සිංදු ඕන කෙනෙක්ට අහන්න පුළුවන්.

ඉසුරු said...

චාම් සින්දුව...

පබලු said...

nil nethu drama eke theme song eka,,, lassana song ekak ..

ප්‍රාර්ථනා said...

සාමාන්‍යයෙන් ඔබට ඇය හෝ "නුඹ" ඉතිරි විය යුතුයි.
දෙන්නාම අහිමිවී යද්දී අසරණව බලා ඉන්න සිදුවී ඇති සැටියකි...

සෝරෝ said...

පට්ට සිංදුව..!!

I LoVe iTz...

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails