අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC




අද කියන්න යන්නේ ටිකක් පරණ කතාවක්. ඒ කිව්වෙ අපි ඒ ලෙවල් කරන කාලෙ වෙච්ච දෙයක්. දැන් ඔන්න ඒ ලෙවල් විභාගෙටත් ලඟයි. කරපු මෙලෝ වැඩකුත් නෑ. දැන් තමයි ඉතින් නැට්ට ගිනි අරන් තියෙන්නේ. මේ කියන දවස් වල මගෙ හිතෙත් මල් පිපිල. වෙන කා ගැනවත් නෙමෙයි ඉතින් හංසි ගැන තමා ඉතින්. ඒ කියන්නෙ පස්සෙන් යන කාලෙ. අපි දෙන්නම ෆිසික්ස් වලට ක්ලාස් ගියේ එකම සර් ලඟට. හැබැයි දවස් දෙකකට ගියේ. එයා සෙනසුරද මම ඉරිදා. දැන් එක්සෑම් එකට හොඳටම ලඟයි. සර්ට අපි ගැන දුක හිතිලද කොහෙද අපිට පුනරීකෂණ පංතියකුත් දැම්ම. හැබැයි ක්ලාස් එක තියෙන්නෙ රෑට. ඉතින් හංසිගෙ අම්ම හංසිව එවන්නෙ මම එනවනම් විතරයි. හංසිගෙ යාලුව එන්නෙ හංසි එනවනම් විතරයි. ඒ කියන්නෙ මම ක්ලාස් ගියෙ නැත්නම් තව දෙන්නෙක් එන්නෙ නෑ. මාත් ඉතින් ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්ව වගේ හැමදාම ක්ලාස් යනවා. අපේ සෙට් එකේ ගොඩක් හිටිය. අතුකෝරලයයි ගෝනයි තමා ඉතින් එකටම ඉන්න උන් දෙන්න. සර් කියන්නෙත් අපේ බොක්කෙ ෆිට් එක තමා ඉතින්.

ඔන්න දවසක් අපි ක්ලාස් ගියා. මායි හංසියි එකටමයි ක්ලාස් එකට ගියෙත්. ක්ලාස් තියෙන්නෙ සර්ගෙ ගෙදර. අපේ ක්ලාස් එකට කලින් තව ක්ලාස් එකක් තියෙනව පොඩි උන්ට. ඉතින් අපි දෙන්න එදා ටිකක් වේලාසන ක්ලාස් එකට ගියා. තව ලමයි වගේකුත් හිටියා. මායි හංසියි ඉතින් සර්ගෙ ගෙදරට යන පාරට වෙලා හිටිය. ගේ තියෙන්නෙ ටිකක් විතර වත්ත මැද්දට වෙන්න. ඔය යන පාරෙ තියෙනවා ඇහැල ගහක්. එදා ඉතින් මුළු ඇහැල ගහේම මල් පිපිල ගහම කහ පාටයි. දැක්කම ඕන කෙනෙක්ට ආස හිතෙනවා. ඉතින් ඒ නිසාමදෝ කොහෙද හංසි මට කිව්වා අනේ මලක් කඩල දෙන්නකෝ කියලා. මාත් ඉතින් ලස්සන මලක් හොයල කඩල දුන්නා. කඩල දීල අනික් පැත්ත හැරෙනකොටම මෙන්න සර් අපි දෙන්න දිහා පන්ති ඇවිල්ලා උන්නු අනික් සෙට් එකයි සර් රුයි බලා ගෙන ඉන්නවා. හංසිත් මගේ දිහා බලාගෙන හිටපු නිසා සර් එනව අපි දෙන්නම දැක්කෙ නෑ.සර් ඉතින් මා දිහා කිංඩියට වගේ හිනාවක් දාල ගියා. සර් හිතන්නෙ නැතුව ඇති මම හිමිජ්ජා වගේ ඉඳගෙන කෙල්ලෙක්ට බැහැල ඇති කියලා.

හංසිව හොඳටම බයවෙලා. මොකද හංසිගෙ අම්මව සර් අඳුනනවා. කොහොමින් කොහොම හරි ක්ලාස් එක පටන් ගත්තා. මායි ගෝනයි අතුකෝරලයයි පුරුදු විදිහටම අන්තිම පෙලියෙ. ඔන්න දැන් සර් ආවා. මා දිහා බැලුවා. හංසි දිහාත් බැලුවා.

" මෙහෙ එනව මේ ඉස්සරහ පේලියට එනවා මට තමුසෙත් එක්ක කතාවක් තියෙනවා... "

" නෑ සර් කමක් නෑ. පස්ස හොඳයි...."

" මෙහෙ එනවකෝ. මට තමුසෙට කතා කරන්න ඕන. "

" නෑ සර් හරි මම දන්නව සර් කියන්න හදන දේ "

මම ඔය අස්සෙ හොරෙන් හංසි දිහා බැලුවා. කෙල්ල හොඳටම බයවෙලා වගේ. මුළු පංතියම හිනාවෙවී බලන් ඉන්නවා. කෙල්ල බිම බලාගෙන ඇඹරෙනවා.

" මේ එනවා ඉස්සරහ පේලියෙ ඉඩ තියෙනවා....."

" නෑ සර් ඕනෙ නෑ. මෙතනට හොඳට බෝඩ් එක පේනවා "

සර් ආයෙ මුකුත් කියන්නෙ නැතුව පාඩම පටන් ගත්තා. හංසි හොඳටම බය වෙලා වගෙ. වෙනදටනම් පන්තියෙදි මා දිහා හොරෙන් බලනවා. අද ඒව මොකුත් නෑ. පංති ඉවරවෙච්ච ගමන් කෙල්ල කඩාගෙන බිඳගෙන පංතියෙන් එලියට ගියා. වෙනදටනම් දෙන්න එකටමයි එලියට යන්නෙ. සර් දැන් බලන් ඉන්නවා මම එනකම්.

" මෙහෙ එනවා.. "

මාත් ගියා සර් ලඟට.

සර් ඉතින් වෙන මොකුත් අහන්නෙ නැතුව විභාගෙ ගැන අහල මාව යැව්වා. හැබැයි සර් පස්සෙ දවසක මගෙන් එයා ගැන හැමදේම අහ ගත්තා. මම ක්ලාස් එකෙන් එලියට බැහැල බලනකොට හංසි නෑ. කෙල්ල විදගෙන පාරටම ගිහිල්ලා.

" මම හොඳට බය උනා ඉසුරු..."

" ඒ මොකටද ? "

" ඒ මොකටද කියන්නෙ. සර් ඔයාට ඉස්සරහට එන්න කියනකොට මම නම් හිතුව ආයෙ ක්ලාස් ඇවිත් ඉවරයි තමා කියල... "

" අයියෝ ඕව ගනන් ගන්නෙපා. සර් එහෙම කරන්නෙ නෑ..."

මෙයා විතරක් නෙමෙයි මාත් බයේ හිටියේ. මොනව හරි උනානම් පංති යෑම කෙසේ වෙතත් මෙයා මාත් එක්ක තරහ වෙන නිසා. මොකද එදා එයා ඒ ගහ යට ඉඳගෙනත් කිව්වෙ මට ආදරේ කරන්නෙපා ඉසුරු කියන වචන ටිකම නිසා.කොහොමින් කොහොමින් හරි මම කෙල්ලගෙ බය ඇරල එක්කගෙන ආවා.

අද මම පංතිය ගාවින් යනකොට මම දැක්කා එදා වගේම ඒ ගහේ කහ පාටට ගහම පිරෙන්න මල් පිරිල තියෙනවා. පංතියත් තාම එදා වගේමයි. ඒත් අද ඒ ගහ යට ඉඳගෙන මල් කඩපු අපි දෙන්න දෙතැනක.

Bookmark and Share

17 comments:

Anonymous said...

අපි සෙට් එකම ඔයාගෙ කතාව කියෙවුවා ඒ උනාට ඉතින් අගක් මුලක් නැ මොකද අපි ඔයාගෙ කතාවක් කියෙවුව මුල් වතාවනේ හිකිස් ඉස්සර හන්සි දැන් ඔයා‍ගෙ කවුද

අපිනම් www.sriwow.info

තර්ඩ් මෑන් (SIDATH) said...

දැන් ඒ ගහයට වෙන අය ඉන්නව ඇති.

මම අහල තියෙන්නෙ,
"ඉබ්බ දියේ දැම්මම, දැන් නෑවෙ කිව්ව" කියල :P

රොයිලි said...

[Q]
අද මම පංතිය ගාවින් යනකොට මම දැක්කා එදා වගේම ඒ ගහේ කහ පාටට ගහම පිරෙන්න මල් පිරිල තියෙනවා. පංතියත් තාම එදා වගේමයි. ඒත් අද ඒ ගහ යට ඉඳගෙන මල් කඩපු අපි දෙන්න දෙතැනක.[/Q]


මට මිල්ටන් මල්ලවාරච්චි මහත්තයගෙ මේ මැයි ගහ යට සිංදුව මතක් වුනා. මොනා කරන්නද සහෝ ලැබීම තමා. සියල්ල සිදුවන්නේ යහපතටයි කියලා හිත හදාගන්න එක තමා තියෙන්නෙ :)

සුදු මහත්තයා said...

@ Anonymous
කතාව ඉස්සර ඉඳන්ම කියෙව්වානම් හංසිව හොඳට අඳුනගන්න තිබුනා. එයා තාමත් මගෙ අහිමි බලාපොරොත්තුව.හැබැයි එයාටනම් මාව යාලුවෙක් විතරයි දැන්.

සුදු මහත්තයා said...

@තර්ඩ් මෑන්

" හමුවුන තැන්වල මල සුපිපේවී.....
හමුවන වෙන අය ගැන සිතලා ...."

මම අහල තියෙන්නෙ නම් මෙහෙම. ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්වා කියලයි. ඕක අර නරියා ඉබ්බෙක්ව අල්ල ගත්ත වෙලේ වෙච්ච සීන් එකක්නෙ.

සුදු මහත්තයා said...

@ රොයිලි

මටත් ඔය සිංදුවම මතක් උනා. ඒ සිංදුව ලියල තියෙන්නෙත් ඔය වගේම සිද්ධියක් හේතු පාදක කරගෙන නෙ. මට මතක විදිහට ප්‍රේමකීර්ති මහත්මයා තමයි ඔය ගීතය රචනා කරේ.

සියල්ල වෙන්නෙ හොඳට කියන්න බෑ මේ සිද්දියේදී නම්... :(

isimbuwa said...

හංසි දැන් කොහේද?

සුදු මහත්තයා said...

හංසි දැන් වෙන කෙනෙක්ගෙ. තාමත් ඉඳල හිටල මට එයාව මුණගැහෙනවා අතරමගදි. ඒත් එයා ගොඩක් වෙලාවට නොදැක්ක වගේ යනවා. එහෙම යන්නෙ තරහකට නෙමෙයි කියලත් මම දන්නවා.

nirahankaara ahinsakaawi said...

hmmmm....

tharaka said...

අත වනන අතීතය
මුමුණයි හෙමින් මසිතට
ඇයගෙ සුසුම් රැල්ලට
හඬනවා දෝ තවම හෙමිහිට

වැම්පයර් said...

ගනන් ගන්නෙපා මචන්..

"මෙයා විතරක් නෙමෙයි මාත් බයේ හිටියේ. මොනව හරි උනානම් පංති යෑම කෙසේ වෙතත් මෙයා මාත් එක්ක තරහ වෙන නිසා. මොකද එදා එයා ඒ ගහ යට ඉඳගෙනත් කිව්වෙ මට ආදරේ කරන්නෙපා ඉසුරු කියන වචන ටිකම නිසා.කොහොමින් කොහොමින් හරි මම කෙල්ලගෙ බය ඇරල එක්කගෙන ආවා.

අද මම පංතිය ගාවින් යනකොට මම දැක්කා එදා වගේම ඒ ගහේ කහ පාටට ගහම පිරෙන්න මල් පිරිල තියෙනවා. පංතියත් තාම එදා වගේමයි. ඒත් අද ඒ ගහ යට ඉඳගෙන මල් කඩපු අපි දෙන්න දෙතැනක"

ඒ ටික නම් මාර හැඟුම්බර විදියට ලියල තියනවා.. උඹේ අත්දැකීමක් නිසා වෙන්නැති එහෙම ලියවුනේ...

වැටෙන්නෙපා..


ජය...

සුදු මහත්තයා said...

@ Ahinsakawi , Tharaka , වැම්පයර්

ඔයාලගෙ අදහස් වලට බොහොමත්ම ස්තූතියි :)

වැම්පයර් said...

ගනන් ගන්නෙපා කිවුවට මම දන්නවා ගනන් නොගෙන ඉන්න බැරි බව.. පොඩි සැකයක් තියනවා ඔයා මොර‍ටුවෙද කියලා.. යෙස් ඔර් නෝ? ඊ ෆැක් ඔර් නොට්?

සුදු මහත්තයා said...

අයියෝ මම මොරටුවේ නෙමෙයි. ඇයි එහෙම හිතුනෙ. ;)

වැම්පයර් said...

බ්ලොග් එක ඔක්කොම කියෙවුවා.. දන්නවා කොහෙද ඉන්නේ කියලා..

මට නිකන් එහෙම හිතුනේ.. උඹ නියමෙටම ලියලා තියනවා..

ජය පතනවා...

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

හරිම ලස්සනට ලියලා තියෙනවා... කතාවත් හොඳයි.... අන්තිමට ඔයාලා දෙතැනක කිව්වම නම් ටිකක් දුක හිතුනා... ඕවා ඔහොම තමයි. නැට්ට පිටිං අලි මැරෙන්නේ නේද..?

සුදු මහත්තයා said...

@ චතුර

ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails