අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

දිනය : 2010.05.05

ස්ථානය : මතුගම කොළඹ බස් රථයක්

බස් රථයට අතරමගින් අත දරුවෙකුද වඩා ගෙන මවක් ගොඩවූවාය. ඈ අත හුන් දරුවා මද සිනහවක්ද මුවේ රඳවා ගෙන තද නින්දට වැටී සිටියේය. බසයේ හුන් හැමෝගේම නෙත් මේ හුරතල දරු පැටවා වෙත යොමුවී තිබුනෙය. එහෙත් මවගේ නෙතඟ රැදී තිබුනේ කඳුළු කැටය. ඇගේ කතාව ඈ පැවසූ පරිදි මෙසේ සඳහන් කරන්නම්.......

" මගේ ගම ( ඇය හැටන් ප්‍රදේශයේ ගමක් සඳහන් කරයි ) මම බැඳල ඉන්නෙ මෙහෙට. මහත්තයා වැඩ කරන්නෙ හමුදාවෙ. එයා තමා පවුලෙ එකම දරුවා. එයා මට ගොඩක් ආදරෙයි. ඒත් එයාගෙ අම්මට මාව පෙන්නන්න බෑ. මහත්තය ඉන්න තැන මොකුත් කියන්න නෑ. ඒත් මහත්තය නැති වෙලාවට මාව පට්ට ගහනවා. මහත්තයටත් කරන්න දෙයක් නෑ. එයා වෙනම පදිංචියට යන්න කැමතිත් නෑ. අම්ම තනිවෙනව කියල. මම බැරිම තැන තමයි බබාවත් අරන් ගෙදර යන්නෙ. මට පුළුවන්නම් කොළඹ බහින්න ඕන කොතනින්ද කියනවද ? " ඇය පැවසුවේ හැඬු කඳුලිනි.

ඇගේ මෙම තීරණය එක් අතකින් බලන කල කිසිසේත්ම අනුමත කල නොහැක්කකි. යන එන මග හසර හරි හැටි නොදැන ඇය බැස ඇත්තේ සමාජ සුරක්ෂිතතාව 100% ක්ව ඇති සමාජයකට නොව. ඇයට අනුකම්පා කරන්නන් ඕන තරම් සිටිය හැක. එහෙත් ඒ අනුකම්පාව භූමිකම්පාවක් බවට පත් නොවනු ඇතැයි අපට සිතිය නොහැක. එහෙත් තවත් පසෙලින් බලන කල ඇයගේ තීරණය හරි යයි පැවසීමටද අපට පුලුවන. දරුවකු අළුත උපන් පසු කාන්තාවක තුල විශාල මානසික පරිවර්තනයක් සිදුවේ. ඇතැන් මව්වරුන් මෙම තත්වය උඩ සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹුන අවස්ථා අපට සමාජයෙන් අසන්නට දකින්නට ලැබේ. එසේනම් මෙවන් තත්වයක් තුල නිවැසියනේ වගකීම යුතුකම වන්නේ ඇයට මානසික ශක්තියක් වීම නොවේද ? එහෙත් මෙම මවට එවන් සහනයක් ලැබුනාද යන්න සැක සහිතය. 


නැන්දම්මා ඇය හා නිතර රණ්ඩු සරුවල් කරන්නේ දෑවැද්ද පිලිබඳ විමසමින් බව ඇය පැවසීය. තමාට සිටින්නේත් එකම දරුවා නම් ඉන්න හිටින්න ගෙයක් දොරක් තිබේනම් කවදා හෝ එහි උරුමයත් තම පුතාටම නම් මේ නැද්දම්මා තම ලේලියගෙන් තවත් දෑවැද්දක් බලාපොරොත්තු වන්නේ කුමකටද ? අනෙක් කරුණ නම් මවක් තුල වයසින් මුහුකුරා යත්ම මවුවත් ගුණයද වැඩිවිය යුතු නොවේද ? මා දන්නා එක්තරා ආච්චි කෙනෙකු සිටී. මුලු ගමම ඒ ආච්චිට ආදරේ කරති. ඈට මුලු ගමේම දරුවන් ඇගේම දරුවන් මෙනි. ගමේ ඕනෑම කෙනෙකු ඇගේ නිවස අසලින් යන විට ඈ හා වචනයක් හෝ දොඩමලු වී යන්නේ ඇය ඒ තරමටම ගමේ ආදරය දිනා ගෙන ඇති බැවිනි. එහෙත් මේ නැන්දම්මා තම ලේලියගේ ගෞරවාදරයට පාත්‍ර වූවා යැයි අපට සිතිය නොහැකිය.

සමහර විට මේ නැන්දම්මාත් ලේලියක වී සිටි කාලයේ තම නැන්දම්මාගේ උදහසට ලක්වූ අයෙකු විය හැක. එසේනම් ඇය එවන් තත්වයක් තුල තමා කොතරම් මානසික පීඩාවට ලක්වූවාද යන්න, නැන්දම්මා යන චරිතයට තමන් කොතරම් ද්වේෂ කරාද යන්න හොඳ හැටි දන්නවා ඇත. එසේනම් ඇය නැන්දම්මා කෙනෙකු වූ කල තම ලේලියත් එවන් මානසික පීඩනයකට ලක් කල යුතුද ? තම ලේලියගේ ද්වේෂයට පාත්‍ර විය යුතුද ? තම එකම පුතණුවන්ගේ පවුල් ජීවිතය විනාශ කල යුතුද ?

මේ වෙනස් වීමට කාලයයි. නැන්දම්මා ලේලි අර්බුදය අතීතයේ සිටම මේ සමාජයේ දක්නට ලැබෙන්නකි. එහෙත් එය සම්ප්‍රදායක් ලෙස සැලකිය නොහැක. මක් නිසාද තම දූවරුන්ට වඩා තම ලේලියට ආදරේ කරන මවුවරුන් මේ සමාජයේ දක්නට ලැබෙන නිසාය. සැබැවින්ම සිදුවිය යුත්තේ එය නොවේද ? අම්මා කෙනෙකු ලෙස ජීවිතයේ අවසාන කාලය තුල ඇය සිදුකල යුත්තේ ලේලියගේ ගෞරවාදරයට පාත්‍ර වී තමන් අදහන ආගම දහම අනුව පරලොවට වැඩක් කර ගැනීම නොවෙද ? සම්ප්‍රදායට අප ගරු කල යුතුය. එහෙත් සම්ප්‍රදාය හානියක් නොවන පරිදි නව ලොවට ගැලපෙන පරිදි වෙනස් කල යුතුය.

මේ ප්‍රශ්නයේදී තවත් පුදුම සහගත කරුණක් ඇත. ගැහැණියක විසින් තලා පෙලා පීඩාවට පත් කරන්නේ තවත් ගැහැණියකි. අම්මා කෙනෙකු විසින් පීඩාවට පත් කරණු ලබන්නේ තවත් අම්මා කෙනෙකි. ගැහැණියකට තවත් ගැහැණියක , මවකට තවත් මවකගේ දුක නොදැනීම පුදුමයකි. සැමියා බිරිඳ , නැන්දම්මා ලේලිය මේ අර්බුද වල අවසානය බොහෝ විට කෙලවර වන්නේ පවුලක් දෙකඩ වීමෙනි. අවසානයේ දුක් විඳින්නේ , මව් සෙනෙහස නැතහොත් පිය සෙනෙහස අහිමි වන්නේ මේ ලෝකයේ අනාගතය භාර ගැනිමට සිටින හය හතර නොදන්නා කිරි සප්පයන්ගේ නොවේද ?

Bookmark and Share

4 comments:

මල්$han said...

මං හිතුවේ මේවගේ කතා තියෙන්නේ ටෙලිනාට්‍ය වල විතරයි කියලා...නමුත් හැබෑ ලොකේදිත් තියනාවා නේද??? නියමයි ඉසුරුවෝ සමාජ යථාර්ථය පැහැදිලි කරලා දුන්නට :)

සුදු මහත්තයා said...

ටෙලි නාට්‍ය වලිනුත් සමාජයට කරන හානිය සුළු පටු නෑ.

මධු වීරකෝන් said...

වරද සමාජයේ... මෝඩ නැන්දම්මගේ...

සිතට දැනෙන දේ said...

සිතට දැනෙන විදියටනම් වරද තියෙන්නේ එක එක්කෙනා සිතන ව්දියේ.. නැන්දම්මා ලෙලි දිහා බලලා සිතන විදිය වැරදි. ඇයි ලේලිත් තම දරුවෙක් විදියට සිතන්න බැරි. පුතා අම්මා සහා තම බිරිද ගැන මීට වඩා සිතිය යුතු නොවේද? බිරිදටත් අම්මටත් දෙදෙනාටම සිටින්නේ තමන් පමණක් නිසා..

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails