අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

පාරමිතාව


ඔයාට මතකද......
ඉස්සර මේ වගේම
පෝය දවසක
ඔයයි මමයි...
මගේම පොකුණෙන්
මානෙල් මලුත් කඩාගෙන
පන්සල් ගියපු හැටි....
දෙන්නගෙම අත් දෙකෙන්
එක මලක් පූජ කරල
අපි අපේම වෙන්න පෙරුම් පිරුව
මතකද ඔයාට...

අදත් ඔයා
ඒ පන්සලටම ගිහින්
ඒ බුදු පිළිමෙටම
මල් පූජ කරල
එයා ඉක්මනටම
ඔයාගෙ වෙන්න
පතනව ඇති.....
හැමදාමත් එයා ලඟින් ඉන්න
පෙරුම් පුරනවත් ඇති...

http://www.elakiri.com/forum/showthread.php?t=651754

Bookmark and Share

10 comments:

ආදර කතාව said...

අපි හිතන අපි පතන දේවල් වෙන්නේ හරි අඩුවෙන්. අපි ප්‍රාර්ථනා කරමු එයාගේ ඒ පැතුම ඉටුවෙන්න කියල. ඒක නෙමේ, මොකෝ පහුගිය ටිකේ තිබ්බ දිගු නිහැඩියාවට හේතුව?

සුදු මහත්තයා said...

දැන් ගෙදරට ඉස්සර වගේ ඉන්ටර්නෙට් නෑනෙ. ඉතින් මේ පැත්තෙ එන්න වෙන්නෙ බොහොම කලාතුරකින්

දසුන් මධුසංඛ වානගුරු said...

Ai hamootama mee kathaawama wennea....................................................................................

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ඕක ඉතින් හුගක් අයට පොදු දෙයක් අපිත් එක්ක කරපු ප්‍රාර්ථනාව වෙන කෙනෙක් එක්කත් කරනවා එහෙම තමයි ජීවිතය

මම said...

ඇත්තමයි දසුන් අයියේ මාත් මේ ඕකමයි හිතුවා.උත්තරය "ජිවිතය" අයියා දීලා තියෙනවනේ.
ඔන්න සුදු මහත්තයෝ මාත් අවා ඔයාව කියවන්න.මාත් ඔයා වගේම ප්‍රර්තනාවක් කලා.ඒත් එයා දැන් වෙන කෙනෙක් එයාගෙම වෙන්න කියන ප්‍රර්තනාව කරනවා ඇති.බලද්දී මේක ඔයාටයි, මටයි විතරක් වෙච්චී දේකුත් නෙවෙයි නේ....

සුදු මහත්තයා said...

@ දසුන්

" ආදරයයි කඳුලයි අතරේ අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ... "

මම හිතන්නෙ ඒ නිසා වෙන්න ඇති

සුදු මහත්තයා said...

@ ජීවිතය

ජීවිතේ හරි පුදුමයි නේද ?

@ මම

ඔව් මේක ගොඩක් දෙනෙකුට උරුම දෙයක්. ඒත් මට පුදුම මේ තරම් ඉක්මනට අනික් කෙනාට ඒ දේ අමතක වෙන එක

මම said...

ඒක ඉතින් මනුස්ස ස්භාවය නේ අයියේ.කොහොමටත් ඉතින් අනිත් මිනිස්සුන්ට වඩා ගොඩක් ඉක්කමනට සිංහලයින්ට හැමදේම අමතක වෙනවා නේ..

සුදු මහත්තයා said...

ඒකත් ඇත්ත තමයි....

ඔයාව මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා..... :D

Hot And Cool said...

ආදරය සුන්දර වරදකි

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails