අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

හංසි.......

මට ඔයාගෙ සුවඳ දැනෙනවා
මේ ලඟ ඉන්නව වගේ.....
විශ්වාස කරන්න
මහ රෑ නින්දෙන් පවා
මට ඔයාගෙ සුවඳ දැනෙනවා....
මම රෑට ඇහැරිලා බලනවා
ඒත් ඔයා නෑ....
ඒ වෙලාවට හරියට දුකහිතෙනවා

මම මගේ ජීවිතය ගැන හිතනවා
ඔයාගෙ ඇස් දෙක මට මැවෙනවා
ඔයා දන්නවද
මගෙ ජීවිතයෙ සතුට
කඳුල දුක...වේදනාව
සැනසීම බලාපොරොත්තුව
ඒ හැම දෙයක්ම ඔයා
ඔයාගෙ ආදරේ.....

Bookmark and Share

12 comments:

මල්$han said...

හ්ම්ම්ම්.....අපිට උඹව තේරෙනවා වගේ හංසිටත් උඹව තේරෙනවා නම්....

මොනා උනත් පද ටික නම් අනර්ඝයි ඉසුරුවෝ.....:)

gayashan said...

නියම අදහස් ටිකක් යාලු.ඇත්තටම දුක හිතෙනවා..ඔයාගේ හංසි කවදාහරි ඔයා ලගටම ඒවි.....................

සුදු මහත්තයා said...

හංසිට කවදාවත් ආයෙ මාව තේරෙන එකක් නෑ. එයාට තේරුම් ගන්න උවමනාවක් වෙන එකකුත් නෑ. ඒ දැන් එයා වෙනකෙනෙකුට අයිති වෙන්න පෙරුම් පුරන නිසා...

Raven said...

"එයාට තේරුම් ගන්න උවමනාවක් වෙන එකකුත් නෑ. ඒ දැන් එයා වෙනකෙනෙකුට අයිති වෙන්න පෙරුම් පුරන නිසා..."
අන්න ඒ ටික තේරුම් අරන් තියන එක වැදගත් මචන්. මිනිස්සු දකින්න කැමති දේවල් සහ අකමැති දේවල් තියනව. කොච්චර සාධාරණ දෙයක් උනත් පුද්ගලයා දකින්න අකමැති නම් මග ඇරී යන්න ඉඩ තියනව. ඒක මනුස්ස ස්වභාවය.
නිසදැස හිතට දැනුනා මචන්. ඔබට ජය.

සුදු මහත්තයා said...

ඒත් ඒ ඇත්ත හිතට තේරුම් ගන්න ටික කාලයක් යයි..

punchisamanalee said...

අනේ දෙවියනේ හරිම ලස්සනයි!!!! සමනලීටත් ඔය වාගේ හිතෙන වෙලාවල් තියෙනවා.... හිතට දැනුනා ගොඩක්......

විහඟිගෙ සිතුවිලි said...

සමහර වෙලාවට ඇත්ත පෙනුනත් හිත අකමැතියි ඒක තේරුම් ගන්න. මමත් ඉන්නෙ දැන් ඔය තැනමයි.ඒත් මේ දකින හීනෙන් මිදෙන්න හිත කැමති නෑ. ඒත් කවද හරි ඒ දවසට මූන දෙන්න දැන්ම ඉඳන් හිත හදාගන්න උත්සාහ කරන්න. කවිය අනර්ඝයි.

වැම්පයර් said...

උඹ නම් මාරයි...

වැටෙන්නෙපා..


ජය...

සුදු මහත්තයා said...

@සමනලී

ස්තූතියි ඔයාට :)

@ විහඟි

ඔව් උත්සහ කරොත් බැරිවෙන 1ක් නෑ :)

@වැම්පයර්

මෙතනින් එහාට තව වැටෙන්න දෙයක් නෑ. :(

කසූ said...
This comment has been removed by the author.
කසූ said...

හංසි ක්යුවම මතක් වෙන්නෙ මොන්ටිසෝරි කාලෙ ලව් එක මාරයි අනේ එයාව එක පාරක් දකින්න තියනන් ඒත් වැඩක් නෑ එයාව දැන් මට අදුන ගන්න බැරුව ඇති

ලස්සන නිර්මානයක්

ඒ වගෙමයි ස්තූති පරන මතකයක් මතක් කරල දුන්න

සුදු මහත්තයා said...

සමහරවිට අඳුන ගනීවි.... ඔයත් එයාගෙ හිතේ හිටියනම් අනිවා ඒක එහෙම වේවි.

ස්තූතියි කමෙන්ට් එකට

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails