අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


මේ දවස් ටිකේම වැස්ස නේද ?

හ්..ම් අද හවසටත් වහින පාටයි...

එහෙනම් ඉතින් දෙන්නටම නාන්නයි වෙන්නෙ.

ඇයි ඔයාගෙ කුඩේ නැද්ද ?

ඒකෙන් පුලුවන්ද දෙන්නෙක්ට යන්න...

ඇයි බැරි. කුඩේ පොඩි උනාම ගොඩක් හොඳයිනෙ....

කට්ටය....

ආස නෑ වගෙ.....

ආසයි ආසයි..

ඒකනෙ කියන්නෙ...

ඇත්තටම මම ආසයි හැමදාම පුංචි හා පැටියෙක් වගෙ ඔයාගෙ මේ උණුහුමට වෙලා ඉන්න..

ආදරය කරන ඔබ සැම එකම එක දවසක් හෝ ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ පොද වැස්සක එක කුඩයක් යටින් ගමන් කර ඇති බව නොඅනුමානයි. සීතලේ අනෙකාගෙ උණුහුමට ගුලිවෙමින් යන ඒ ගමන කොයිතරම් සුන්දරද? වැස්ස අපේ එදිනෙදා කටයුතු වලට බාධාවක් උවත් එය කිසිදිනෙක ආදරයට බාධාවක් නොවනු ඇත. එවන් මොහොතක දැනෙන ආදරනීය උණුහුම කොයිතරම් මිහිරිද ? එහි සුවය කිසිදා අමතක කල හැකිද ? එම ආදරණීය උණුහුම ලබා ගත හැකි අන් මගක් තිබේද ?. පොද වැස්සක සීතලේ ගුළිවෙමින් අනෙකාගෙ උණුහුම විඳ ගනිමින් පාළු මාවතක් දිගේ ඇවිද යන්නට ඇත්නම්.......

මල් මල් මල් වරුසාවේ
දේදුන්නෙ පායාපන්නෙ
එක එක සැලෙනා වැසි බිඳුවේ
තනි වී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ.....

පාළු මාවතේ පොද වැස්සේ
එක කුඩයක් යට යන ගමනේ
නුඹේ උණුහුමයි මා දැනුනේ
කිසිදා නෑ අමතක වන්නේ
වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ ......

පාළු මාවතම මුතු පලසකි මට
බොරදිය මාවතෙ ගලන තුරා
සෙවන දැනෙයි සිටු මැදුරක සේ
මුතු කුඩයේ යට සිටින තුරා
වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ.......

මල් මල් මල් වරුසාවේ
දේදුන්නෙ පායාපන්නෙ
එක එක සැලෙනා වැසි බිඳුවේ
තනි වී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ
වැහැපන් මල් මල් වරුසාවේ.....

හිත එක් නිමේෂයකින් අතීතයට රැගෙන යන මේ ලස්සන සිංදුව මෙතනින් භාගත කර ගන්න.

Bookmark and Share

14 comments:

Express (දිලංක මාධව) said...

අනේ මන්ද බං...මට නිකන් මෝල් වගේ....
ලිපිය හොඳයි.මම කිව්වෙ මේ...
.....කුඩයක් යටින් ගමන් කර ඇති බව නොඅනුමානයි."වගේඒව ...

සුදු මහත්තයා said...

කොල්ල ගිහින් නෑ වගෙ...

ආදර කතාව said...

ආදරේ කරන හැමෝටම ඒ විදිහට එක කුඩයක් යටට වෙලා යන්න වාසනාවක් නෑ සුදු මහත්තයෝ. සතුටුයි ටික දවසකට පස්සේ නැවතත් සින්ඩියේ දකින්න ලැබුන එකට.

සුදු මහත්තයා said...

හ්...ම් ඒත් මටනම් ඒක ගොඩක් සමීප අත්දැකීමක්.

ඔව් මේ ටිකේ වැඩ නිසා මේ පැත්තෙ එන්න බැරි උනා

ආදර කතාව said...

ආයෙ කවදද මාව අඩවන්නේ??

සුදු මහත්තයා said...

බලමු. හරියටම බලාපොරොත්තුවක් දෙන්න අමාරුයි. ඔයා වගේම අත්දැකීමකට මම මේ ලඟදි මූණ දුන්න. ඒත් ඒක ලියන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා

LG said...

ලස්සන සින්දුවක්..ස්තුතියි

බිඟුවා...! said...

මට හිතෙන්නේ කොල්ලට බිංදුව කියලයි...

/බිඟුවා...!

indik said...

මම බ්ලොග් ලියන්න පටන් ගත්තෙත් සුදු මහත්තය හින්ද...
එකට පන්තියන කාලෙ වහිනකල් බලන් හිටපු හැටි මතක් වෙනව. ඇයි ඉතින් වැස්ස නැති වෙලාවක ඒ විදියට තුරුල් වෙලා යන්න පුලුවනෑ අපේ ලංකාවෙ. වැස්ස පෙම්වතුන්ට ආශීර්වාදයක් කියල කියන්නෙත් ඒ හින්දම වෙන්න ඇති...

සුදු මහත්තයා said...

@ indik අහන්නත් සතුටුයි ඒ ගැන.

ඔයා කියන එකනම් ඇත්ත. වැස්ස කියන්නෙ ඇත්තටම ආදරේකට ලොකු ආශිර්වාදයක්

පබලු said...

සීතලේ ගුළිවෙමින් අනෙකාගෙ උණුහුම විඳ ගනිමින් පාළු මාවතක් දිගේ ඇවිද යන්නට ඇත්නම්.......

හීනෙන් තමයි සුදු මහත්තයෝ....ලස්සනයි සිංදුව ...

සුදු මහත්තයා said...

@ පබලු දැන් ඒක හීනයක් උනාට ඒක හැබෑ උන කාලෙකුත් තිබ්බා

RanDil said...

දැන් මේ සිංදුව කියෙව්වාම මතක් වුනේ ඉස්සර කට පාඩම් :D.

said...

මේක කියන්නේ කවුද කියලා දන්නවද?

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails