අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

පහුගිය දවස්වල ශ්‍රී ලංකා ඉන්දියා බංගලාදේශ තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය ගැන ඔයාල හැමෝගෙම ලොකු උනන්දුවක් තියෙන්න ඇතිනෙ නේද ? ඉතින් මම හිතුව අද ඔයාලට ඒ වගෙ තවත් සුවිශේෂ ක්‍රිකට් තරඟාවලියක් ගැන කියන්න. හැබැයි මේක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක් නම් නෙමෙයි. මේක තිබ්බේ අපේ ෆැකල්ටියේ. ඒ කිව්වෙ රජරට විශව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ. දවස කියනවනම් ජනවාරි දහවන සඳුදා.පීඨයේ සහෝදරත්වය වර්ධනය කිරීමේ අරමුණින් පැවති මේ තරඟාවලියට ආචාර්ය මණඩලයද තමන්ගේ නොමසුරු දායකත්වය ලබා දුන්නා.

පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාව

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මෙම සුවිශේෂී ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කලේ එක.ශි.ස හා ආ.හු.ස කණ්ඩායම අතර ප්‍රදර්ශන තරඟයකින්. මේ තරඟාවලිය පැවතියේ සුවිශේෂී වූ ක්‍රීඩා පිටියක. ඇත්තටම ඒ ගැන කියනවනම් මේ වගේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක් ලෝකෙ වෙන කොහෙවත් රටක නැතුව ඇති. මේ තරඟාවලියේදී ගස් කැච් වලංගු වීම තවත් සුවිශේෂ ලක්ෂණයක් උනා. ආදර්ශ තරඟාවලියෙන් අනතුරුව නවක කණ්ඩායම හා ආචාර්ය මණ්ඩලය අතර තරඟයෙන් ක්‍රීඩා තරඟාවලිය ආරම්භ වූවා.
ඉන් අනතුරුව ආචාර්ය මණ්ඩල කණ්ඩායම, තෙවන වසර කණ්ඩායම , දෙවන වසර කණ්ඩායම , පළමු වසර් කණ්ඩායම , නවක කණ්ඩායම , එක.ශි.ස කණ්ඩායම , ආ.හු.ස කණ්ඩායම , ලොවෙත් අමද්‍යප කණ්ඩායම ආදී කණ්ඩායම් රැසක් අතර තරඟ පැවැතුනා.

ප්‍රදර්ශණ තරඟය වෙනුවෙන් කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාව

ආචාර්ය මණ්ඩලය තරඟයෙන් ජය ලැබීමෙන් අනතුරුව

මේ තරඟාවලියට නිවේදන කටයුතුවලින් සහය උනේ පරල්ලා අයියා සමග කැලෑ අයියා. අවසානයේ මේ මැච් එකෙන් ජයග්‍රහනය ලබාගත්තෙ දෙවන වසර කණ්ඩායම. රාත්‍රියේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව පුංචි ප්‍රීති සාදයකින් තරඟය නිමාවට පත් උනා.

තරඟයේ උණුසුම් අවස්ථා කිහිපයක වීඩියෝ දර්ෂණ ඔයාලට පහතින් දැක ගන්න පුළුවන්. ඒ වගේම ඡායාරූප වැඩි ප්‍රමාණයක් මේ ලබැඳියෙන් බලා ගන්නත් ඔයාලට පුළුවන්.

http://www.facebook.com/album.php?aid=2029027&id=1595547674&ref=mf



ආචාර්ය මණ්ඩලය හා නවක කණ්ඩායම අතර තරඟය



ආචාර්ය මණ්ඩලය හා තෙවන වසර කණ්ඩායම අතර තරඟය

Bookmark and Share

1 comments:

indik said...

අපෙත් තිබුනා ක්‍රීඩා දිනය කියලා අවුරුද්දකට වතාවක්. ඒකෙදි ක්‍රිකට් වලට අමතරව බොහොම විනෝද ක්‍රීඩා පවත්තනව. විනෝද ක්‍රීඩා කියන්නෙ ඉතින් සමහර ඒව ඉතින් වෙන කොහෙවත් දකින්න නැහැ. ඒක ඉවර වෙන්නෙ DJ එකකින්.
අවුරුද්දෙ තියෙන වැදගත්ම දිනයක් තමයි ඒක. හරිම විනෝදයි මතක් වෙනකොටත්...:)

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails