අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

ඔයා දන්නවද
ඔයා නැතිව ගෙවෙන
හරි පාළු වෙලාවකදි
කවුරුත් නැති තැනකට ගිහින්
මම පුංචි ගාණක් හදනවා...

ඔන්න මම මාව ගන්නවා...
පස්සෙ මගෙන් ඔයාව අඩුකරනවා..
දන්නවද රත්තරන් උත්තරය කීයද කියලා...
බිංදුවයි.
හිතන්නකෝ එතකොට මං කියල කෙනෙක්
ඉන්නවද... ම්.. නෑනෙ.

ආයෙත් ඉතින් මං මගේ හදවත ගන්නවා
පස්සෙ අපේ ආදරේ මං මගේ හදවතින්
අඩුකරනවා...
උත්තරය දැක්කම ඇස් වලට කඳුළු එනවා
ඔයාට පුදුම හිතෙයි
උත්තරය බිංදුවයි
එතකොට හිතන්න වස්තුවේ
ඔයාගෙ ආදරේ ඇරෙන්න
මේ පපුවෙ වෙන කිසිදෙයක් නෑ නේද කියලා

මම මාව ගන්නවා
පස්සෙ මගේ ආදරේ ගන්නවා
ඊටත් පස්සෙ මගෙ පුංචි ජීවිතෙ ගන්නවා
මං එක පෙලට පුංචි සමීකරණයක් හදනවා
මම + මගේ ආදරය + මගේ ජීවිතේ...
අවසානයට මම ලකුණක් දාල ඒ ඔක්කොම
එකට එකතු කරනවා
ඔයාට හිතාගන්න පුළුවන්ද ලැබෙන උත්තරය
මමයි මගේ ආදරයයි... මගේ ජීවිතයයි
එකතු කලාම ලැබෙන උත්තරය
ඔව් ඒ ' ඔයා'...

මම මගේ පුංචි අහිංසක හිතේ
සතුට ගන්නවා...
අනේ රත්තරන් ඒක දශම ගානක්
ඒත් මම ඒ පුංචි ඉලක්කම
මගේ හිතේ සතුට කියන පුංචි අගය
ඔයාගෙ ආදරෙන් වැඩි කරනවා
මටම පුදුමයි
මට උත්තරය ලෙස ලැබෙන්නෙ
අනන්තයක්... ගණින්නට බැරි තරම් ගනනක්
ඔයා මගේ ජීවිතේ සතුට කොයිතරම් හදනවද
මම මේ විඳින්නෙ
ඒ සතුටනෙ ර..ත්..ත..ර..න්

ඔයා අහයි ඇයි බෙදල බලන්නෙ
නැත්තෙ කියලා
අනේ මගේ අහිංසක මෝඩයෝ...
ආදරේ කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
හදවත කියන්නෙ බෙදන්න පුළුවන් දෙයක්ද
බෑ මමවත් මගේ ආදරේවත් මගේ හදවතවත්
මම බෙදන්නෙ නෑ
ඒ වගේම මම ඔයාවත් ඔයාගෙ ආදරේවත්
ඔයාගෙ හදවතවත්
බෙදන්න ඉඩ දෙන්නෙත් නෑ .....

ඉතින් මම ආයෙත් ' ඔයාව ' ගන්නවා
පස්සෙ මාව ගන්නවා...
පස්සෙ ඔයාවයි මාවයි එකට
එකතු කරනවා ....
අනේ කොච්චර ලස්සනද
ඔයා දන්නවද
මට ආපු උත්තරේ ....
නිකමට හිතල බලන්න
ඔයා + මම = .....
මොකක්ද උත්තරේ .....
ම්.... ඔයා හරි.

කවදද අපි එහෙම එකතු වෙන්නෙ
මෙහෙම දෙතැනක ඉඳල
අපි කොහොමද අපේ සිහින
සැබෑ කරගන්නෙ .....

ජීවිතේ අමාරුයි .. මං දන්නවා
මං නිසා ජීවිතේ මහ ගොඩක් බර
ඔයාගෙ ඔළුවට ආවොත්....
අනේ ඔයාට දුක හිතෙයි ...

ඒත් හීන කියන්නෙ හැබෑනොවෙන ඒවට නෙමේ නේද ...
ආදරේ කියන්නෙ තාරකාවක් නෙමෙයි නේද.....
මං ආස ඔයාගෙ ලේ රස්නය
මගෙ පපුවට දැනෙනවට ....
ආදරය දුර ඉඳන් විඳින්න මම දන්නෙ නෑ..
බලාපොරොත්තු උනත් කාලයක් යද්දි
ඇල් වෙන්න බලනවා ....

මට කියන්න
මාත් එක්ක නේද ජීවිතේ පටන් ගන්නෙ
ඇයි දන්නවද එහෙම අහන්නෙ
ඔයා නැතිව මෙහෙම ජීවතේ ගෙවද්දි
හිතෙන්නෙ හරියට
මං ජීවත් නොවෙනවා කියලයි ...

හරි ඉක්මනට ... මටත් ...
ජීවිතේ හැඩ බලන්න ආසයි
තනියම නෙමෙයි ... ඔයා එක්ක ...

ඉතින් රත්තරන්
කියන්නෙ එක දෙයයි
ඉක්මනට බැඳල
හෙමිහිට ජීවත් වෙමු .....


මේක මගේ කලින් බ්ලොග් එකේ තිබුන සටහනක්. ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීමක් නිසා ආපහු දාන්න හිතුව. දන්නවනෙ කව්ද මට මේක එව්වෙ කියල. නොදන්න අයත් ඇතිනෙ. එයාලට දැනගන්නත් එක්ක කියන්නම්කො. මට මේක එව්වෙ හංසි

http://www.elakiri.com/forum/showthread.php?t=396967

Bookmark and Share

20 comments:

පබලු said...

මගේ ජීවිතය...
උඹේ ආදරය...
මේ දෙකම එකයි...

හරිම ලස්සනයි සුදු මහත්තයා......

දුකා said...

maaaarai banz . . . pissu hadenawaa . . . .ela kiri . . .

LishWish said...

harima lassanayi machan..! maara ma gathi..! jayen jaya ma pathanawa....!

Anonymous said...

Sha Niyamai...

Dinithi Deepika

Supun Budhajeewa said...

මැක්සා!

තමීර said...

සිරානෙ! නියමයි!

Kanishka | කණියා said...

ෂා... ලස්සනයි.. ටික වෙලාවකට මාවත් වෙනමම ලෝකෙකට ගියා වගේ...

සචී said...

Excellent!!!!!!

Anonymous said...

මෙ කැල්ල තමයි මගේ හිතට තදින්ම වැදුනෙ

"මං ආස ඔයාගෙ ලේ රස්නය
මගෙ පපුවට දැනෙනවට ...."

මුචලින්ද said...

elama ela...
mage kathawamai !

ubath paw. . .mamath paw. . .

Chejana said...

harima sanwedii...
e wagema lassanai..
adare apoorui kiyala hithenne me wage dewal dakinakota thamai..

මල්$han said...

ඇත්තටම හදවතේ උපරිම තැනටම වැදුනා....

නිශාන්ත අනුරුද්ධ said...

මේක කියවන්න පොඩ්ඩක් අමාරුයි.
බොක්කටම වදින්න ලියලා තියෙන්න.
එලම එල.

/නිශාන්ත

Anonymous said...

ආදරේ අපූර්වත්වය පුන්චිම පුන්චි තැන ඉඳල උපරිමයටම විඳින්න පුලුවන් වෙච්චි හඩවතකින් නැගුනු අදහසක් වෙන්න ඕන මේක නම්.. හැමෝටම මේ වගෙ ලස්සන හිත් නෑ...

Simply took me to a feeling of an eternity.. Great work..

Thanks for whoever wrote it originally..
Yohani

Anonymous said...

මේ එයාගෙ හිතමයි....හරිම ලස්සනයි...
විශිෂ්ටයි.....

ආදර කතාව said...

හැමදාම වගේ අදත් මම ඇඩුව මේක කියවල. මටනම් කියන්න වචන නෑ.

සුදු මහත්තයා said...

හැමෝගෙම අදහස් වලට බොහොමත්ම ස්තූතියි.

මධු වීරකෝන් said...

ෂා.... කියලා වැඩක් නෑ...
මේක ලියපු කෙනා හරිම සංවේදී කෙනෙක් වෙන්න ඕන...
මේ දේවල්ම මටත් හිතිලා තියෙනවා....
කෙල්ලෙක්ගෙ හිත කොච්චර අපූරුද....

Kanchana said...

lasisni

manjula said...

මුන්‍ට මේකෙ තියෙන බොරුව තේරෙන්නෙ නැති හැටි

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails