Monday, November 16, 2009

ලොකු උදව්වක් .......


ඔන්න ඉතින් ගෙදරට වෙලා නිකම් ඉන්න එකේ පොඩ්ඩක් මේ පැත්තට ඇවිත් යන්න හිතුන. නිකම්මත් නෙමෙයි ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනව කියන්න. මේ පෝස්ට් එක දාන්න හිටියෙ මීට ටික දවසකට කලින්. ඒත් පොඩි පොඩි වැඩ ටිකක් නිසා මේ පෝස්ට් එක දාන එක පරක්කු උනා. දැන් ඉතින් ඔයාල බලනව ඇති මොනවද අප්පේ අපේ සුදු මහත්තයට තියෙන වැඩ රාජකාරි කියල. නේද ? මේ දවස් වල අපේ කුඹුරු වැඩ පටන් ගන්න කාලෙනේ. ඉතින් ඔන්න මමත් බැස්ස කුඹුරට. කුඹුරු හාන්න අත් ට්‍රැක්ටර් එහෙම තියෙන මේ කාලෙ තවම ඒ වැඩ කරන්නෙ මමය කියල ඔයාල පුදුම වෙන්න ඇති නේද ? නෑ නෑ හෑවෙ ට්‍රැක්ටරෙන් තමයි. මම වෙලට බැස්සෙ වපුරන්න. ඉතින් ඔය වැඩේ නිසා තමයි මේ පෝස්ට් එක දාන එක පරක්කු උනේ. දැන් ඉතින් කියාගෙන ආපු වැඩේට බහිමුකෝ.

ඔයාලට පේනවනෙ අළුත් ටෙම්ප්ලේට් එකක් එහෙම දාල බ්ලොග් එක පොඩ්ඩක් වෙනස් කරල කියල. මට මේ කොයි ටෙම්ප්ලේට් එකෙත් මොකක්ම හරි අඩුවක් තියෙනව. මේකෙත් ඒ වගෙ අඩුපාඩු ගොඩක් තිබුන. දැන්නම් ඉතින් ඒව ගොඩක් හදාගෙන ඉවරයි. මට ඒ වැඩේට ගොඩක් උදව් කරපු දෙන්නෙක් තමයි රවී සම්පත් සහ මිතුන පෙරේරා කියන්නෙ. ඉතින් ඒ දෙන්නට මගේ ස්තූතිය පිරිනමන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා.


දැන් මට තියෙන ලොකුම අව්ල තමයි මේ ටෙම්ප්ලේට් එක හයි කරාට පස්සෙ මේකට දාන ප්‍රතිචාර ඒ කිව්වෙ comments මකන්න බෑ. මම ගොඩක් ට්‍රයි කරා. ඒත් වැඩේ හරි ගියේම නෑ. ඉතින් මේ බ්ලොග් එක බලන දන්න කියන කව්රුහරි ඉන්නවනම් මම මේකට කරන්න ඕන මොකක්ද කියල කියනවද ? ඒක මට කරන ලොකු උදව්වක්. එහෙනම් මම අදට ගිහින් එන්නම්කො

0 comments:

Post a Comment

ඔබේ අදහස් මට වටිනව. ඒ නිසා ඔබේ අදහස් කියලම යන්න. සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails
 

කටු සටහන ~ katu satahana Blog Skins Designed by productive dreams for smashing magazine | © 2009