අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

අහිමි බව දැන දැනත් ආදරය මගහරින්නට බැරි හැටි

වරක් දුටුවිට තව වරක් දැකගන්නට හිත පෙරුම් පුරනා අපූරුව


කඩ මංඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොමහරි
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහකොළ වලට දාහක් ඇස් ඇති හිංදා
සුලඟට සියුම් දාහක් කන් ඇති හිංදා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හිංදා
මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හිංදා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්ට බැරි

ගායනය :- නන්දා මාලිනී


mp3 ගොනුව මෙතනින් භාගත කර ගන්න

මෙහි මුලින් සඳහන් පාඨයන් උපුටා ගනු ලැබුවේ කරුණාසේන ජයලත් මහතාගේ බඹා කෙටූ හැටි නව කතාවේ නව මුද්‍රණයේ පිට කවරයෙනි

Bookmark and Share

5 comments:

මල්$han said...

ඉසුරුවෝ මාත් හුඟාක් කැමති සිංදුවක් තමයි මේක.මං මේකෙ වැඩි පුරම කැමති පේළි 2 තමයි "කවදාවත්ම නුඹ මට නොලැබෙන හිංදා
මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හිංදා". මට නම් සිංදුවේ හිතට වදින තැන එතන...

Supun Budhajeewa said...

හ්ම්... මල්$han කියපු දේට මමත් එකඟයි!

සුදු මහත්තයා said...

අනිවාර්යෙන්ම . මුළු සිංදුවේම හරය තියෙන්නෙ එතන

ජනුක said...

මේදවස්වල මට ඔය වගේ සින්දු අහන්න ටිකක් අමාරුයි.. මමනම් මචාන් කවදාවත්ම නුඹ මට නොලැබෙනව කියල දැනන් හිටියත් හිතින් හිතනව මට කවදාහරි නුඹ ලැබෙවිකියලා..එතකොට හිතේ දුක අඩුවෙනවා..

චාරුලතා said...

මේ ගීතය මම ඉතා ප්‍රිය කරනන්නක්. නමුත් එහි අවසාන පද ඛණ්ඩයෙන්, එහි ඇති ලයාන්විත කම බිඳක් අඩු වෙනවා කියල හිතෙනවා. අපි හැමෝම දන්නා කවියක් මතක් කරන්නම්. ... "... නෙලා ගන්න බැහැ ඇත රිදෙනවා මට, සාදු සාදු මල් පිපියන් තව රුවට." මේ කියවෙන අවිහිංසක සතුට, තමන්ට නොලැබෙන දෙයක් තව කෙනෙකු විඳිනවා බලමින් සතුටු වියහැකි මෙත් සහගත මනුස්සකම, සිංහල කවිය තුල නිබඳ දැකිය හැකියි. මෙහි මුල් පද ඛණ්ඩ තුල එය තිබුනත්, අවසාන පද ටික ( කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි..) යම් ආත්මාර්ථයක් මතු කරමින්, අර හිත කීරි ගැහෙන උසස් මානුෂිකත්වයට යම් හානියක් කරනවා යයි මට හිතෙනවා. හැමදාම, මුල් කොටස පමණක් ගායනා කරලා නවත්තන්න මට හිතෙන්නේ ඒ නිසයි.
ඔබට සුභ පතනවා, මේ අනගි කාර්යය ඉදිරියටම කරගෙන යන්න.

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails