අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

ඇයගේ හදිසි වෙනසට හේතුවක් වටහා ගත නොහැකිව මා ඇගෙන් ඒ ගැන විමසූ නමුදු මුණිවත රකිනු හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් ඇගෙන් නොලැබුණි. විභාගයට ඇත්තේ තව මසකට ආසන්න කාලයකි. ඇය හදිසියේම පංති පැමිනීමද නවතා දැමුවාය.

" ඉසුරු ඔයාට දෙයක් කියන්න තියෙනවා ..." දිනක් ඈ මාහට පැවසුවාය

" හ් ... ම් කියන්න "

" ඔයා තරහවෙන්නෙපා ඉසුරු මේක කලින් නොකිව්වට මම ඔයාට බොරුවක් කරන්න හිතුවෙ නෑ. සත්තයි " ඈ බැගෑපත් හඬින් පැවසුවාය

" අයියෝ පිස්සුද? ඔයා දන්නවනෙ ඉතින් මට ඔයා එක්ක තරහවෙලා ඉන්න බැරි බව "

" ඉසුරු ඔයාට අපේ සුදු අයියව මතකද ? "

" මොකද නැත්තේ . ඉස්සර මම ඔයාට ආදරෙයි කියනකොට ඔයා මට කිව්වෙ ඔයා එයා එක්ක යාළුයි කියලනෙ " මා ඇනුම් පදයක ස්වරයෙන් කීවෙ ඈ ඉස්සර මට රිදවූ අයුරු මතක් වීමෙනි.

" ඒක බොරුවක් නෙමෙයි ඉසුරු. ඇත්තටම එහෙම එකක් තිබුන. මම ඔයාට බොරුවක් කරන්න හිතුවෙ නෑ. ඒත් මට බය හිතුන. "

" හ්..ම් කමක් නෑ. පරක්කුවෙලා හරි ඇත්ත කිව්වනෙ ..."

" අනේ මට සමාවෙන්න ඉසුරු .... "

" බෑ..... සමාව දෙන්නෙ නෑ...... "

ඈ තරමක් විශ්මයෙන් මෙන් මා දෙස බැළුවාය.

" ඇයි මෝඩියෙ ඔයාමනෙ කිව්වෙ ආදරේ කරන අය අතරෙ සමාව නෑ තියෙන්න ආදරේ විතරයි කියල.... " මා ඇගේ කනින් අදිමින් පැවසුවෙමි.

" ඌ...යි: කියාගෙන පැමිනි ඈ නතර ඌයේ මාගෙ තුරුලේය. මෙතරම් නොවැදගත් දෙයක් නිසා මා හා කතා නොකර සිටීම ගැන මට ඈ ගැන තරමක කේන්තියක්ද නැගුණි. එහෙත් ඈ වෙනදා මෙන් මා සමග හැසිරුනේ නැත.

විභාගය ආරම්භ වූයේ මේ අතරතුරදීය. ඈ ගියවර මෙන් මෙවර මා හමුවීමට පැමිනියේ නැත. දෙදෙනාටම එකම විට විභාගය ඉවරවෙන දවස් වලදී උවද අප හමුවූයේ පුරුද්දකට මෙනි. එහි කිසිදු ලෙංගතු කමක් නොවීය. ඈ කුමක් හෝ ප්‍රශ්නයකින් පෙලෙන බව දක්නට ලැබුනද එවැන්නක් ගැන විමසූ විට ඇගෙන් කිසිදු පිළිතුරක් නොවීය. විභාගය අවසාන දින අපි කලින් වතාවක කතිකා කර ගත් පරිදි ඇගේ යෙහෙලියකගේ ගෙදර ගියෙමු. ආපසු එන අතර මගදී ඈ මා හා සුපුරුදු ලෙස කතාවට වැටුනාය

" ඉසුරු අයිය කියල එයා මාව කසාද බඳින්න කැමතියි කියල.... "

මට තරමක සිනහවක්ද පහල විය.

" ඉතින් ලමයො දැන්ම බඳින්න වයසක්ද ? "

" ඒ උනාට ඉසුරු ........"

" ඉතින් අම්මල මොකද මේ ගැන කියන්නෙ...? "

" අම්මනම් මොකුත් කිව්වෙ නෑ. එයාල දන්නවනෙ අපි ගැන. තාත්ත තාම දන්නෙ නෑ. එයානම් කොහොමත් කැමති වෙන්නෙ නෑ ඕකට... "

" මටත් අකමැති වෙයිද දන්නෙ නෑ කවදහරි..."

" නෑ ඉසුරු. එයා ඔයාට කැමතියි..."

" ඒ උනාට අම්ම කැමති නෑ නෙ. එයා ඉතින් එදා ඉඳන්ම ඔයාට කියනවනෙ එක වයසෙ දෙන්නෙක් කවදාවත් හරියන්නෙ නෑ කියල...."

තවත් ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ ඉතුරු වී තිබියදී වෙන්ව යන්නට අපිට සිදුවිය. අම්මලා දඹදිව ගොස් සිටි බැවින් නිවසේ තනිවම සිටි මා ගැන ඈ හැකි සෑමවිටම සොයා බැළුවාය.

" ඉසුරු මට ඔයාව හම්බෙන්න ඕන. අම්මල දැන්ම එයිද ? "

" ඔව් මටත් ආසයි ඔයත් එක්ක ටිකක් කතා කරන්න. හුඟ දවසකින් කොහෙවත් යන්නත් බැරි උනා ......."

" ඉසුරු අපි අර හැමදාම නිදහසේ ඉන්න වෙරලට යමු.. මට ඔයත් එක්ක ටිකක් තනි වෙන්න ඕනා......."

" ඉතින් නුඹ නෑවිත් ඉන්නනම් එපා
පෙරුම් පුරමින් මම ඉන්නවා බලා
මුදු අතින් ගෙන නුඹගේ
සෙමින් ඇවිදින්නට සුදු වෙරල දිගේ ....."

එහෙත් එය වචනවල පමනක් සීමාවූ හමුවීමක් විය. ඈ නැවතත් සුපුරුදු ලෙස මා මග හරින්නට විය. මේ අතර ඈ පරිගනක පංතියකට සහභාගී වූ නමුදු මට එවැන්නක අවශ්‍යතාවයක් පැන නැංගේ නැත. එහෙත් ඈ හොඳයැයි පැවසූ නිසාවෙන් හා ගෙදරට වී නිකරුනේ කාලය කා දැමීම අපරාදයක් වූ බැවිනුත් මා ද ඉංග්‍රීසි පංතියකට සහභාගී වූයෙමි. ඈට හා මට එකම වෙලාවට පංති අවසාන වූ නමුදු ඇයට මා හට පෙර බස් නැවතුම් පොල වෙත ලඟාවිය හැකි විය. ඈ කිසි දිනෙක මා එනතුරු ටවුමට වී සිටියේ නැත. හැමවිටම මා මග හැර ගියාය. එක් දිනක් කෙසේ හෝ ඈ සිටි බස් රියට නැග ගැනීමට මා හට හැකිවූ නමුදු ඈ එකදු වචනයක්වත් මා හා කතා කලේ නැත.

අවසානයේ ඇගෙ යෙහෙලියකගේ සහය ලබා ගැනීමට මා හට සිදුවිය. ඇගෙන් ලද ඔත්තුවකට අනුව දිනක් ටවුමේදී ඈ අල්ලා ගැනීමට මට හැකි විය. ඈ එවරද මා මග හැර යාමට උත්සාහ කල නමුදු මගෙන් ඊට බුරුලක් නොලැබුණු තැන ඈ නතර විය.

" ඉසුරු මට යන්න දෙන්න. මෙහෙම ටවුම මැද්දෙ කතා කර කර හිටියම මිනිස්සු මොනව හිතයිද ? "

" මොනව හිතන්නද ? හැමෝම අපි දෙන්න ගැන දන්නවනෙ... "

" මට යන්න දෙන්න ඉසුරු. පරක්කු වෙනවා...."

" බෑ.... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන "

" මොනවද ? "

" හැමදෙයක් ගැනම .... "

" හ්...ම්. එහෙනම් ලබන බදාදට එන්න. මම ඉන්නම් ඔයා එනකම්... "

එහෙත් එම බදාදාව උදා වූයේ නැත. මෙම හමුවීමට පසුදිනම අපගේ විභාගයේ ප්‍රතිපල නිකුත් විය.දෙමව්පියන්ගේ මෙන්ම ඇයගේද බලාපොරොත්තු ඉටුකරමින් මා බලාපොරොත්තු වූවාටත් වඩා ඉහල ප්‍රතිපලයක් මට ලැබී තිබුණි.එහෙත් ඇයට මාගේ ප්‍රතිපලය ගැන එතරම් ගනනක් නැතිවා සේය. එදිනට පසුදින මා ඇගේ නිවසට ගියෙමි. නිවසේ වූයේ ඇයත් මල්ලිත් පමනි. මල්ලී අප දෙදෙනා සාලයේ තනිකර කාමරයට ගියේ ඈ විසින් කලින්ම කියා තිබුන පරිද්දෙනැයි මට සිතුනි. නැත්නම් වෙනදාට ඔහුද අපේ කතා බහට හවුල් වීම සිරිතයි. ඈ කුමක් හෝ දෙයක් කීමට උත්සාහ ගන්නා බව පෙනුනද ඒ කුමක්දැයි මා විමසුවේ නැත.

" ඉසුරු මාව තවත් ඔයාට අයිති නෑ.... " ඈ තරමක දුබල හඬකින් පැවසුවාය.

" ඒ කිව්වෙ ....."

" මම දැන් වෙන කෙනෙක්ගෙ ඉසුරු ........"

" කව්ද ඒ. මම දන්න කෙනෙක්ද ? "

" ඔව් ඉසුරු..... ඔයා දන්නවා "

" ඒ කිව්වෙ ඔයා අයියට ......"

" ඔව් ඉසුරු ........."

පළමුව දෑසට කඳුලක් නැගුනේ ඇයගේද මගේද යන්න මට මතකයක් නැත. මගේ පපුවට තුරුලු වූ ඇ‍ය මගේ කමිසය ඇගේ කඳුලින් තෙත් වනතුරුම හැඳුවේය......

" ඉසුරු කවදාවත් මට සමාව දෙන්නෙපා. සමාවටවත් සුදුසු කෙනෙක් නෙමෙයි මම "

" සමාව ගන්න ඔයා නෙමෙයිනෙ මමනෙ වැරදි. ඒකනෙ ඔයා මාව දාල ගියේ ......"

" පිලිගන්න ඉසුරු ඔයා නෙමෙයි වැරදි කරේ. මගෙ චපල හිතයි වැරදි කලේ ... "

" ඔයා ගැන වැරදියට හිතන්නෙපා. ප්ලීස් එහෙම හිතන්නෙපා. පුලුවන්නම් මාව දාල ගියේ ඇයි කියනවද ? "

" කියන්නම් ඉසුරු. ඒත් දැන්ම නෙමෙයි. කවදහරි මම ඒකට උත්තරේ දෙන්නම් ......."

" අම්මත් මට බැන්න ඉසුරු ඔයාට මෙහෙම කරපු එකට......"

" ඒ කියන්නෙ අම්මත් හැමදේම දන්නව..."

" එයාට දැනෙන්න ඇති ඉසුරු "

" ඒ කියන්නෙ ඔයා මාව දාල ගියා කියල නොදැන හිටපු එකම කෙනා මමද ? "

" එහෙම කියන්නෙපා ඉසුරු. මම පුලුවන්තරම් උත්සහ කරා ඉසුරු.ඒත් මට ඔයාව තේරුම් ගන්න බැරි උනා ඉසුරු.මම ඔයාට හැම දේම කියල ලියුමක් ලිව්ව. ඒත් ඒක ඔයාට දෙන්න මට හිත දුන්නෑ ඉසුරු මගෙ පවට ..... "

" මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ ඉසුරු ......."

" ඒ කියන්නෙ ඔබහට පෙම් කල යුගය නිමාකොට වෙන්වීයන්න දවස පැමිණ ඇත... එහෙමද ? "

" දෙයියනේ ඉසුරු මාව තවත් අඬවන්නෙපා. මම ඔයාව මට නැතිවෙයි කියල මීට අවුරුදු එකහමාරකට කලිනුත් ඇඬුවෙ මෙහෙමයි. ඒත් දෙයියනේ අද ඇත්තටම මට ඔයාව නෑ ........."

" මම දන්නෙ නෑ මොනව කරන්නද කියල.. මට මේ කිසි දෙයක් හිතාගන්න බෑ........"

" ඉසුරු ඔයා කවදහරි හොඳ තැනකට එන්න. මගෙ සතුට ඒකයි. ප්ලීස් ඔයාගෙ ජීවිතේ විනාස කරගන්නෙප. එහෙම උනොත් පව් පිරෙන්නෙ මට. කවදහරි ඔයා ගැන හිතල සතුටු වෙන්න පුළුවන් තැනකට එන්න. "

අප අතර නැවතත් දිගු නිහැඬියාවක් හට ගැනුනි. ඇගේ දෙමාපියන් මේ වන විට නිවසට පැමින තිබුනත් කිසිවෙකු සාලයට පැමිනියේ නැත.

" ඉසුරු දැන් ගොඩක් රෑ උනා. ඔයා ගෙදර යන්න ...."

" හ්..ම් මම යන්නම් එහෙනම් "

" ඉසුරු ගෙදර ගිහින් ඔයාගෙ එකෙන් නෙමෙයි. ගෙදර එකෙන් මට මිස් කෝල් එකක් දෙන්න....."

" ඒ තරමට මාව සැකද ? "

" සැක නෙමෙයි. මට බයයි ඉසුරු. මගදි ඔයාට මොකුත් උනොත්..."

ඇය මේ පවසන්නේ මීට පෙර දිනයක මා ඇක්සිඩන්ට් වීමට ගොස් අනූනමයෙන් බේරුනු අවස්ථාවක් සිහියට නැගීමෙන් විය යුතුය...

නිවසට පැමිනෙන විට රෑ නමය පසුවී තිබුනි. නිදාගන්නට ගිය නමුත් නින්ද අහලකවත් නොවීය. ඈ මැදියම් රැය වනතුරුම කෙටි පණිවිඩ එවනින් මා සැනසීමට නොයෙක් දේ කීවද ඒ කිසිවක මා හැර යාමට හේතුවක් සඳහන් නොවීය. මගේ ආදරය ඈට තේරුම් ගත නොහැකිවීයැයි ඈ පවසන්නේ ඇයි ...."

" ඔයා මං වෙනුවෙන් නිදි මරන්නෙපා. ඔයා පව්නෙ පැටී ..."

ගෙදර අය මට ආමන්ත්‍රනය කරන නමින් ඈ මා ඇමතූ මුල්ම වතාව එය විය.

" ඉසුරු ඔයා වගෙ යාළුවෙක් මේ ආත්මෙදි හම්බෙන්නෙ නෑ. සත්තයි ඉසුරු ඔයා දෙවි කෙනෙක්. ඔයාව තේරුම් ගන්න බැරි උනේ මගේ පවට. මම අම්මෙක් සහෝදරියෙක් වගේ ඔයා ගැන හැමදාම ඔයා ගැන බලනවා. ඒක මගෙ යුතුකම. පිං නොකරපු පවට අපි වෙන්වෙමු ....."

" දයාබරව කඳුළු උනත් ඔබේ ඇස් දෙක
පරාජිතව සමුගන්නම් දෙන්න අත් දෙක
මලානිකව සෙලවෙන ගස් වැල් මල් අතර
ලියා තිබුන දුක් ගීයකි අපේ සෙනෙහස.... "

ඈ මට තිලින කල රෝස අතු සියල්ල මල් පිපීමටත් පෙරම මැරී වියැලී ගියේ අපේ ආදරයේ මල් පිපෙනු දැක ගන්නට තරම් අපට වාසනාවක් නොමැති බව පසක් කිරීමට මෙනි. එහෙත් තවමත් ඉතිරී වී ඇති වියැළී ගිය රෝස අතු නටඹුන් වූ අප අතීතය අදත් මාහට මතක් කර දෙයි. දෙල්ලව බස් රිය අදත් සුපුරුදු ලෙස කොළඹ බලා ගමන් කලත් අප ගෙවල් පාරෙන් නොපැමිනෙන්නේ වෙනදා මෙන් එයට වැලිපැන්නෙන් ගොඩවී ආදරයෙන් හමුවීමට දෙදෙනෙකු නොමැති දුකට විය හැක. එහෙත් අවසානය මෙයම වෙයිද ......

http://www.elakiri.com/forum/showthread.php?t=698758

Bookmark and Share

30 comments:

මල්$han said...

:(...උඹ ගැන ආඩම්බරයි සුදු මහත්තයෝ...

EXPRESS[දිලංක මාධව] said...

අඩේ සුඩු මහත්තයෝ මෙක උඹගේ ඇත්ත සීන් එකක්ද බං?සිරාවටම ලියල තියෙනව.අනේ මචෝ මෙච්චර හිතට වදින්න ලියන්නේ කොහොමද බං?මට මේ ෆුල් අප්සැට් වෙලා ඉන්නේ උඹගේ කතාව කියවලා.(කොටින්ම කිව්වොත් ඇඬෙනව බං.)

තාරක සමරණායක said...

මේ කතාව දැක්නෙ අදයි. එක හුස්මටම කියෙව්ව කොටස් තුනම. හරිම සංවේදීයි. මාත් සම්පූරණයෙන්ම අවුල් වෙලා ඉන්නෙ මේක කියවලා.

චමි.දේ.වා. said...

උඹේ ආදරේ තේරුම් ගන්න කෙනෙක් අනිවා එයි කොල්ලෝ........

Uraj Deemantha said...

මට වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත මචන්....!! මගේ අම්මා අකමැති නිසා, මට අවුරුදු 3ක් තිස්සේ කරපු ආදරයක් අත අරින්න උනා....!! :(

පබලු said...

හ්ම්.......සුදු මහත්තයා හදවත මොහොතකට නැවතුනා.
කොහොම උනත් ඔයා හරි හොදයි.එත් ආදරේ දැනුනෙ ඔයාට විතරයි...
දුක් වෙන්න එපා.ජීවිතේ හැටි ඔහොමයි.ඕන හැම දේම ලැබෙන්නෙ නැහැ.ලැබෙන හැමදේම ඕනත් නැහැ .
ඉතුරු කොටස එනකන් බලාගෙන ඉන්නවා.ඉක්මනට පළකරන්න

Geeth vindula said...

සිරාම කතාවක් බන් ඈඩෙන්නම ලියල තියෙනව ඈත්ත්මයි මේක නිකන් මටම උන සීන් එකක් වගේ දෑනෙන්නේ

Nishantha said...

ඈත්තටම උබ ගොඩක් පව් බන්.උබ ගොඩක් හොද කොල්ලෙක්.එ නිසා උබට වරදින්නෙ නෑහෑ.උබට හොදම දෙ ලෑබෙය්.කාලෙට ඉඩ දෙන්න.හෑමදාමත් මම උබත් එක්ක...බදුල්ල දරේ

දුකා said...

හරිම දුකයි සුදු මහත්තයෝ . . . . කඳුලු එන්න ලියලා තියෙනවා . . . මාර දුකයි . . . නොබල හිටියනම් කියලත් හිතෙනවා . . . දුක වැඩි කමටම . . .

හිත වට්ට ගන්න එපා කිසි දේකින් . . . හැම අඳුරු වලාවකම රිදී ඉරක් තියෙනවා ඒක මතක තියා ගන්න . . . . ! ! !

Thelaa said...

මචන් මන් මේ කතාව ගැන අහල තිබ්බත් හරියටම දැනගත්තෙ අද තමා...ඇත්තටම හිතට වදිනව මචන්......

ජනුක said...

ශාහ් මචාන්.. උබට ලියන්න පුලුවන්.. ඇත්තටම ඇන්ඩෙන්න ලියල තියෙනවා... මාරයි..දිගටම ලියන්න..

සුදු මහත්තයා said...

අදහස් දක්වපු මගේ දුක බෙදාගත්තු හිත හදාගන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි

kkrox said...

අප්පා මෙක බැලුවාම ඇඩනවනේ සුර් එකට මෙක රියල් ස්ටොරි එකක් තමයි ඔහම යන් පුතා හැබයි මහගෙදර වගේ කරන්න එපා හරිද

ආදර කතාව said...

රෝහලේ සිටින මාගේ දෙනෙතට කදුලක් එක් කිරීමට සමත් වූ සැබවින්ම හැගුම්බර කතාවක්. මෙය ඔබේ ජීවිතයේ සත්‍ය සිදුවීමක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.

'sulanga' said...

ම්.... මම බ්ලොග් කියෙවුවට කමෙන්ටුවක් දාන පළමුවෙනි වතාව...
හිතවත් 'සුදු මහත්තයො'...
බොහොම ස0වේදියි... ඒත් එක්කම රහයි...
අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මේවා අදාලයි...
සරිලන අව0ක ආදරයක් ලැබේවි...කාලයට ඉඩදෙන්න...

සුදු මහත්තයා said...

@ ආදර කතාව. මේක මගේ ජීවිතයේ සත්‍ය සිදුවීමක්.

@ සුලඟ ඔයාගෙ පලවෙනි කමෙන්ට් එක මගේ බ්ලොග් එකටම දැමීම ගැන මට ගොඩක් සතුටුයි. ඔව් අපි බලමු කාලය අපිට කොයි වගේ විසඳුමක් දේවිද කියලා

Varsha said...

මචන් උඹනම් මාරයි. මම කවදාවත් ලියලනම් නැහැ. ඒත් උඹේ කතාව කියෙව්වහම මගේ අත්දැකීමත් බෙදාගන්න හිතෙනවා. ඒ ගැන සලකා බලමු පස්සෙ.

මොනවා උනත් මචන් උඹනම් ඇඩෙන්ඩ ලියල තියෙනවා. මේක උඹේ ඇත්ත කතාව නොවුනනම් කියල හිතෙනවා. ඒ අත්දැකීමම විඳපු කෙනෙක් විදියට උඹේ දුක මටත් දැනෙනව.

සහන් said...

හම්මියෝ මේ වගේ ලව් ස්ටෝරි තියෙන්නෙ නවකතාවල විත‍රයි කියලයි මම නම් හිතාගෙන හිටියේ.......
(සැලෙන්න එපා සුද්දෝ ඔහොම තමා ජීවිතේ කියල හිත හදාගනින්)

සහන් මල්දෙනිය said...

මචන් මාත් මේ බ්ලොග් එකකට දාන පළවෙනි කමෙන්ට් එක මේක දාන්නෙත් නොදා ඉන්න එක උඹට අසාධාරණයක් නිසා
කොල්ලෙක් වෙලත් මගේ හිත ෆුල් හොල්මන් උනා උඹෙ මේ කතාව දැකල මම ප්‍රාර්ථනා කරනව උඹෙ ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල

සුදු මහත්තයා said...

@ Varsha මොනව කරන්නද මචන්. එයාට ආදරේ කරල අන්තිමට මට ඉතුරු උනේ මේ ටික විතරයි.

ඔයාගෙ අත්දැකීමත් අපි එක්ක බෙදා ගමු නේද ?

සුදු මහත්තයා said...

@ Sahan නෑ සමහරක් නවකතා වලනම් තියෙන ගොඩක් දේවල් එදිනෙදා ජීවිතයේ අත්දැකීම් තමයි. මල් පත්තරවල යන ඒව ඇරුනහම.

හිත හදාගන්න එක කියන තරම් ලේසි නෑ මචෝ

සුදු මහත්තයා said...

@ Sahan Maldeniya ඔයාගෙත් පලවෙනි කමෙන්ටුව මගේ බ්ලොග් එකට දැමීම ගැන මට ගොඩක් සතුටුයි.

ලහිරු චානක said...

අනේ සුදුමහත්තයෝ... ඔබ මමද = මම ඔබද...
නිකමට අහන්නේ ඔයා සෙනසුරාදා දවසක උපන්න කෙනෙක්ද ?
මමනම් සෙනසුරාදාවක උපන් කෙනෙක්..
ඒ වගේ අයට ඔයාවගේ අවංකව ආදරේ කරන්න පුළුවන්..
සමාව දෙන්නත් පුළුවන්...
ඔයා ගැන ආඩම්බරයි..

චමිත් jayanga said...

ජීවිතය තාවකාලිකය. එය විදිනවද විදවනවද කියන එක තමන් සතු වේ.. anyway wsh ur all the best !!!

Dinesh Sameera said...

එක හුස්මට කතාවම කියෙව්වා. හරිම සංවේදියි. පාසල් කාලෙදි ආදරේ කරපු හැමෝටම ඒ ආදරේ ලැබෙන්නෙ නෑ. ආදරේ ලැබෙන අයට ඉගෙනීම ලැබෙන්නෙ නෑ.
මමත් ඔයා වගේම ආදරේ කරපු කෙනෙක්. වෙනසට තියෙන්නේ මට ආදරේ ලැබුනා. ඔයාට ඉගෙනීම ලැබුනා.
බුදුන් වහන්සේ දේශනා කරපු විදිහට ලද දෙයින් සතුටු වෙන්න. එතකොට හිතේ තියෙන දුක අඩු වෙලා යයි.

සුදු මහත්තයා said...

@ ලහිරු.

නෑ මම සඳුදා ඉපදිලා තියෙන්නෙ.

ගොඩක් ස්තූතියි කමෙන්ටුවට

සුදු මහත්තයා said...

@ චමිත්

ඔයාටත් ගොඩක් ස්තූතියි.

@ දිනේෂ්

ඔව් ඔයා කියන එක 100% හරි. ඔයා කමෙන්ට් කරල තියෙන්නෙ හරියටම මගෙ උපන්දිනේ දවසෙ. එයා මට ඊට පහු වෙනිද විශ් කරල තිබුනා.

Anonymous said...

මේ කතාවට අඬනව ඇරෙන්න වචන තියෙනවද කියන්න.හිත පිරෙන්න දුකයි. ආදරයේ සමුගැනීම, නොලැබීම ඇයි මෙච්චර දුක. මේ තරම්ම.
...ඉසුරු ඔයා කවද හරි හොඳ තැනකට එන්න...කවද හරි ඔයා ගැන හිතල සතුටු වෙන්න පුළුවන් තැනකට එන්න...
ලෙස ඉසුරුගේ ආදරවන්තිය කියනවා.
ර‍ජෙක් වුනත් තමන්ගේ ආත්මය වැලඳගත් ආදරය තමන් එක්ක නැතිව කාත් එක්ක සතුටු වෙන්නද.
සෑම දෙයක්ම විද ගත්තැහැකිග ආදරය අහිමිවීමේ වේදනාවනම් මිහිමත සජීවි කිසිම දෙයකට දරා ගන්න බෑ.
-රංජන්-

Ranjan Nishantha said...

post the next part as soon as possible

Ranjan Nishantha said...

ඊළඟ කොටස දාන්නේ කවදාද...

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails