අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


සංසාරේ හුරු සුවඳ දැනෙනවා ඉන්නා විට මා ඔබේ ලඟින්
බලන්න දෙනෙතේ කඳුළු පිරෙනවා ඔබේ නමින්
හැමදාමත් ආදරය විඳින්නට මා කළ පින් මදි නිසා ඉතින්
කියන්න නික්මී යන්න අවසරද හීන පුරපු නෙතු පියන් යටින් ...

සදාකාලිකයි මා සිත පතනා ඔබගේ ඔය පින්සාර සිතින්
විදින්න සිසිලස අකැප මුත් මට බලා හිඳින්නම් සැඟව දුරින්
කිසිම දිනෙල යලි නොඇසෙන මුත් ඔබෙ මුවගින් ගිලිහෙන සොඳුරු වදන්
අහන්න දුර සිට සැමදා මා පතනා සුපැතුම් ඔබ සිහින් සරින්

මුව ගොළුවූවට නිල්නෙතගින් ඔබ මට පැවසූ ඒ සොඳුරු රහස්
සිතන්න සැමදා තියේවි සැඟවි නිල්වන් තුරුගොමුවලට යටින්
ඔබවම පතනා නෙත යම් දිනයක පුරවාලා තුටු කඳුළු දියෙන්
කියන්න මිතුරියෙ යලි ඔබ එනවද අරගෙන ගිය මගෙ සිතත් අරන් ...

Bookmark and Share

4 comments:

චමි.දේ.වා. said...

WoW....
ලස්සනයි කොල්ලෝ ඇත්තටම.....
හිතේ දුක ලස්සනට අකුරු කරලා තියනවා....

පබලු said...

ලස්සනයි කියන්නේ හුගාක් ලස්සනයි..

Anonymous said...

මේ තරම් හිත අසරණ කරන්නෙ , අඩවන්නෙ හිත........

Poo said...

හරිම ලස්සනයි.....
අපි ගොඩක් ආදරෙ කරන අය ටිකක් හරි අපෙන් අැත් වෙන දුක දරාගන්න ගොඩක් අමාරුයි. එ වුනත් හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තියෙනවානමි එ අය අපෙ ලගට ආයෙමත් එයි කියලා කවදාවත් එක නැති කරගන්න හොද නැහැ. අපි අැත්තටම ආදරෙයි නමි එයාලා කොයිතරමි අැතට ගියත් අපිව හොයාගෙන එනවා......

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails