අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

ඇගේ ආදරය ලැබීමත් සමගම ජීවිතය නව මගකට යොමු වූවා වැනිය.ඇය දිනෙන් දින ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් විය. අනාගතය ගැන කිසිදු බලාපොරොත්තුවක් , හීනයක් නොතිබූ මා ඈ නිසා ජීවිතය ගැන අනාගතය ගැන හීන දැකීමට පුරුදු උනෙමි.

" ඉසුරු .... "

" හ් .. ම්...ම් "

" මම ඔයාට සුදු මහත්තයා කියන්නද ? "

" ඒ ඇයි ? "

" ආ...දරේටනෙ මෝඩයෝ ... "

" එතකොට මම ඔයාට මොකක්ද කියන්නේ.... "

" ඔයා කැමති එකක් කියන්න "

" හ්ම්.. එහෙනම් ඔයා සුදු මැණිකෙ හොඳයිද ? "

" ඒක ඔයාගෙ කැමැත්තක් ... "

කෙමෙන් කෙමෙන් උසස් පෙළ විභාගයට දින ලං වෙන්නට විය. මගේ පාඩම් වැඩ ගැන මට වඩා උනන්දු වූයේ ඈය. සෑම දිනකම පාන්දර 5ට ඇහෙරෙන ඇය ඒ වෙලාවට මාවත් අවදි කරවයි. විභාගය පටන් ගත් පලමු දිනයේම ඈ මා හමුවීමට පැමිනියේය.

" ඉසුරු මේ ටික තියාගන්න එක්සෑම් ලියන්න "

ඈ මා හට පෑනක් , පැන්සලයක් , මකනයක් හා පැන්සල් උල් කරනයක් තෑගි කලාය. පෑන හැරෙන්නට අනෙකුත් සියළු දෑ තවමත් මගේ අල්මාරියේ සුරැකිව ඇත.

" අපිට දැන් ඉස්සර වගේ හැමදාම හම්බෙන්න බැරිවෙයි .... "

" ඔයා එහෙනම් මට ලියුම් ලියන්න.මාත් ඔයාට එවන්නම් .... "

මෙලෙසින් අප අතර ලියුම් ගණුදෙනු කිරීම ආරම්භ විය. පංති යන කාලයේ මෙන් නිතරම හමුවීමට අවස්ථාවක් නොලද බැවින් දින දෙක තුනකට වතාවක් ලැබෙන ලියුම අප අතර ආදරය වර්ධනය කිරීමට සමත් විය. මේ අතර දිනක්.....

" ඉසුරු අපි කොහේ හරි යමුද දවසක "

" කොහෙද ? "

" කොහෙ හරි.. ඔයයි මමයි විතරක් ඉන්න තැනකට ... "

" කොහෙද ඉතින් එහෙම තැනක් තියෙන්නෙ .... "

" අනේ ඔයා හිතන්නකො. ඔයා ඉතින් මට වඩා දන්නවනෙ "

" එහෙනම් අපි බීච් යමු... "

" ම්ම්ම්ම් මට බයයි ... "

" බයවෙන්නෙපා අපි කලින් හිටියෙ ඉඳුරුවෙනෙ. අපි එහෙ යමු. මම දන්නවනෙ ඒ පැත්ත ගැන ..... "

එදා අපි මුහුදු වෙරලේදී හමු උන ඒ උදෑසන දෙදෙනාගේම (?) ජීවිතයට කිසිදා අමතක නොවන දිනයක් වූවාට සැකයක් නැත. පලමු වතාවට ඈ මගේ උණුහුමට තුරුළු විය. ඉන් අනතුරුව වෙනදා මෙන්ම තොර තෝරංචියක් නැතිව අප අතර ඇරඹෙන කතා බහ ආරම්භ විය.

" ඉසුරු අපි යන ගමන් කන්දෙවිහාරෙත් ගිහින් යමු.... "

" හ් ම් .. "

" ඔයා මොනවද බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලුවේ ". මම ඇගෙන් විමසුවෙමි.

" ඔයාව.. " ඈ සුරතල් තාලයකින් පැවසුවාය.

" ලෝකය කොච්චර විශාලද
මොනතරම් සංකීර්ණද
ඒත් මං පතන්නෙ ඔයාව විතරයි
ඒක මොනතරම් අහිංසක ප්‍රාර්ථනාවක්ද
ලෝකයක් අමතක කරලා මං ඔයාව පතනවා
ඇත්තටම ඔයා කියන්නෙ මගේ ලෝකය .... "

අනාගතය ගැන තව තවත් බලාපොරොත්තු අප සිත් තුල ඇති කරවමින් කාලය ඉගිල්ලී යයි. ඈ හැකි සෑම විටකම මගේ සැප දුක් සොයා බැළුවාය. අපේ ආදරයට අකුල් හෙලීමට කිසිවෙකුත් නැත. මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ආවේය. මා බලාපොරොත්තු වූ F තුන වෙනුවට මට තරමක ප්‍රතිපලයක් ලැබී තිබුණි. එහෙත් ඈ මගෙන් බලාපොරොත්තු වූයේ එම ප්‍රතිපලය නොවන බව මම දැන සිටියෙමි. ඈ එදා හොඳටම ඇඬුවාය. ඇගේ ප්‍රතිපලයද තරමක් පහත් මට්ටමක පැවතියද ඈට ඒ ගැන කිසිදු ගානක් නැත. ඈට ඈ ගැන දුකක් නැතිවා සේය. ඈ දුක් වූයේ මා ගැනය.

ජීවිතයේ ප්‍රථම වතාවට මට මා ගැනම කලකිරීමක් ඇතිවූයේය. ඈ හැඬුවේ බොරුවට නොවන බව පැහැදිලිය. මට මේ තරම් ආදරය කරන ඇගේ බලාපොරොත්තුව ඉටු කිරීමට නොහැකිවීම ගැන මට මා ගැනම ලැජ්ජාවක් ඇති වූයේය. කෙසේ හෝ විශ්වවිද්‍යාලයට ඇතුලුවී ඈගේ බලාපොරොත්තුව ඉටු කල යුතුයැයි මගේ සිත මට පවසන්නට විය. මේ සියල්ලම ඈ වෙනුවෙනි. මට මවක මෙන් ආදරය කරන ඈ වෙනුවෙනි.

මේ අතර මා නිතරම අසනීප වීම නිසා අම්මා මගේ කේන්දරය බැලෙව්වාය. මට තදබල අපල පවතින බැව් පවසා තිබේ. මා විසින් ඇයටද මේ බව සැල කලෙමි.

" ඉසුරු ඔයාට ඔය තරම්ම අපල නම් අපි බෝධි පූජාවක් තියමු."

" අනේ මන්ද. කොහොමද ඉතින් ඕක කරන්නෙ.."

" ඔයා ඉන්නකො මමනෙ කරන්නෙ.... "

ඉන් පසු එලඹි පෝය දිනක මාත් ඇයත් ඇගේ සහෝදරියකද සමග ඇගේ නිවස ආසන්නයේ පංසලට ගියෙමු.
යන්නෙ කොහෙදැයි ගෙදරට නොකිව් නමුදු මා ගෙදර එනවිට සියල්ලෝම සිදුවූ සියල්ල දනිති. අම්මා නම් කිසිත් කීවේ නැත.

" අනේ හොඳයි ඔහොමවත් පංසලකට යනවනම් ... " ඒ හඬ අක්කාගෙනි.

ජීවිතය වඩාත් සුන්දරව ගලාගෙන යයි. වරෙක රණ්ඩු වන අපි දෙදෙනා ඊටත් වඩා ආදරයෙන් නැවත එක්වේ. එහිද එක්තරා සුන්දරත්වයක් ඇත. වරෙක මම ඇය මුණගැසීමට ඇගේ නිවසට යන්නෙමි.

" ඉසුරු ඇයි ඔයාට සනීප නැද්ද ? "

" ම් හු... "

" අදත් ඔළුව රිදෙනවද ? "

" ඔව් අප්පා..."

" මම තෙල් ටිකක් දාල අත ගාන්නද ? "

" මල්ලිත් ඉන්නවනෙ. කමක් නැද්ද ? "

" අව්ලක් නෑ. ඉන්න ... "

ඈ තෙල් බෝතලයකුත් රැගෙන මා අසලට පැමිනේ. ඉන් අනතුරුව මගේ හිස ඇගේ ලමැදට තුරුළු කරගෙන මගේ ඔළුව පිරිමදියි. මට දැනෙන්නේ කුඩා කල අම්මාගේ උණුහුමට තුරුලු වූ වූවිට දැනෙනා අන්දමේ හැඟීමකි. සැබැවින්ම ඇය විටක අම්මා වැනිය. සුදු මහත්තයෝ බස් එකේ ෆුට් බෝර්ඩ් එකේ යන්නෙපා , බස් එක නවත්තන්න කලින් බහින්නෙපා , ටවුන් එකේ රස්තියාදු ගහන්නෙපා වැනි අවවාද රැසකි. මා ඇයට කීකරු වී ඒ අවවාද සියල්ලම පිළිගත්තේ ඇය මා හට ඇති දැඩි ආදරය නිසාවෙනි.

අපේ ජීවිත වල නැවතත් වැදගත් සන්ධිස්ථානයක් එලඹ ඇත. ඒ උසස්පෙළ විභාගයයි. එහෙත් සතුට පවතින්නේ කොතරම් කෙටි කලක්ද ?

" ඉසුරු මාව අමතක කරන්න.......

Bookmark and Share

7 comments:

මල්$han said...

අම්මෝ සුදු මහත්තයා දැක්ක කල්...දැන් කැම්පස් යන බුවෙක් නේ...මුලින්ම ඒකට සුභ පැතුම්...කොහොම හරි ඔයාගේ ආදරණීය ආදරවන්තියගේ පැතුම ඉ‍ටු කරලනේ...එකට 2වන සුභ පැතුම....ඔහොම යමුකෝ.....නියම කථාව..ඒත් අද කථාව නැවතුන තැනත් එක්ක හිතේ මාර කුතුහලයක් තියෙන්නේ ඊළඟට මොකද වෙන්නේ මොකෝ කියලා.තුන් වෙනි කොටසත් එනවලු නේ, ඒකත් බලමුකෝ.......අනෙ දුක හිතෙන විදියට නම් දාන්න එපෝ......

Leshan Lakmal Wickramage said...

අනේ පල පල ගෙම්බෝ

පබලු said...

මොක්ද මෙයා හදිසියේ ඔයාව අමතක කරන්න කියල කියන්නේ???

දෙවනි කොටස දාන්න ප්‍රමාද උනා වගේ තුන්වෙනි කොටස නම් ප්‍රමාද කරන්න එපා..

සුබපැතුම් දිගටම ලියන්න!!

සුදු මහත්තයා said...

@ මල්$han තෑන්ක්යූ මචන්


@ පබලු දාල යන්න හේතුවනම් මම අදටත් දන්නෙ නෑ. මම පුලුවන් තරම් උත්සහ කරන්නම් මේකෙ තුන්වෙනි කොටස ඉක්මනට දාන්න.

YaaluwoClub said...

Hmmmmm

DAn nam Duka Hithenawa

Anonymous said...

මචෝ මෙලෝ රහක් නෑනේ බන්....

සජිත් said...

නෑ සීරාවටම හොදයි... ඒ උනාට අන්තීමේ දුක් සීන් නම් එපා...

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails