අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

බ්‍රාස්ස්ස්ස්ස්ස් හඬ නංවමින් තිරිංග තද කරමින් වෙනදා මෙන්ම දෙල්ලව කොලඹ බස් රථය අපේ බස් නැවතුම් පොලේ නතර කරන ලදි. ආ නගින්න මල්ලී කොන්දොස්තර මහතාගේ කට හඬය.බස් රථය නැවතත් තම සුපුරුදු ගමන ඇරඹීය. පා පුවරුව අසල රැඳී සිටීම කොළුකමට කල දෙයක්ද නැතහොත් ඇතුලට ගොස් තෙරපීමට ඇති නොකැමැත්ත නිසා සිදූ වූ දෙයක්ද නොදනී.


බස් රථය නැවතුම් පොලක නතර කිරීමෙන් පසු එයට ගොඩවූයේ මා මීට පෙර හොඳින් දැක පුරුදු බවක් දැණුනු කෙල්ලෙකි. ඒ පසුගිය දවසක පංති ඇරී ගෙදර එනවිට දුටු මා ඇසිපිය නොහෙලා බලා සිටි ඈ ම බව විශ්වාසය. ඈ ගැන කිසිම තොරතුරක් ලබා ගත නොහැකිව ලතැවෙමින් සිටි මා හට ඈ මා සිටි බස් රියටම ගොඩවීම පුදුම සහගත සිද්ධියක් විය. ඈ යන්නේ මා යන පංතියටම බව ඈ අත තිබූ පොත් මිටිය අතර රැඳි ෆයිල් කවරයෙන් තේරුම් ගත හැක. දෙන දෙයියෝ ගෙට ගෙනවිත්ම දෙනවා යැයි කියන්නේ මේකටය. කෙසේ හෝ ඇය සමග කතා කිරීමේ අදහසින් ඈ අසලට ඇදී ගියද කකුල් දෙක මැන්ඩලීන් ගසන බව දැනේ. කරන්නට කිසිම දෙයක් නැත. බස් රථය කළුතරට ලඟාවී අවසානය. කරන්නට දෙයක් නැත. ඈට මාහට ඉස්සරවී බසයෙන් බැසීමට ඉඩ දී මා බැස ඈ සොයනවිට ඈ පාර මාරුවී අවසානය. පංතිය අවසානවි හෝ ඇය සමග කතාකිරීමේ සිහිනයද සිහිනයක්ම වූයේ " ආ එහෙනම් ගෑණු ලමයි මුලින් යන්න " යනුවෙන් ගුරුවරයා පවසද්දීය.



ඊලඟ දිනයේ ඈ සුපුරුදු ලෙස බසයට නැග්ගේ නැත. ඈ පංති ආවේද නැත. ඉන්පසු දිනයේ ඈ සුපුරුදු ලෙසම බසයට ගොඩවිය. යාළුවෙකුද සමග ඈ අසලට ගියේ කතා කිරීමට උවද වචන පිටවෙන්නේ නැති තරම්. අදත් වෙන්නේ එයා දිහා බලාගෙන අනිමිස ලෝචන පූජාව කරන්න තමා. ගමනාන්තයට දැන් හොඳටම ආසන්නය. කොන්දොස්තර එතනට පැමිනි විට ඈ එකවරම ටිකට් ඉල්ලුවාය.


" ආ මෙන්න මෙයා බස් එකේ හොරෙන් ඇවිත් "


ගොලුවී තිබූ කට විවෘත වී ඇත. සැනෙකින් සිතට නැගුනේ දැන් ඉතින් උදේ පාන්දරම බඩ කට පිරෙන්න අහගන්න වේයැයි ක්ෂනික බියකි. බස් එකේදි කෙල්ලන්ට විහිළු කරන්නෙපා යැයි යහලුවන් කොතෙක් කිව්වද මට කෙල්ලෙක් දැක්ක ගමන් ඒක අමතක වේ. කෙල්ලෙක් රැව්වේ නැත්නම් මට නින්ද යන්නෙ නැත. ඇයගෙන් බැනුම් ඇසීමට සිදුවේ යැයි සිතුවද ඇගෙන් ලැබුනේ අහිංසක සිනාවක් පමනි. ඇගේ ප්‍රතිචාරය හොඳය. කතා කරනවනම් මෙන්න චාන්ස් එක. ඒත් ඇය සමග මොනවා දොඩන්නද ?

"ඇයි නංගි දොඩන්නැත්තෙ "

"මේ අවාරෙනෙ අයියා"

ඇය පසුදවසකනම් මා හා එසේ දොඩමළු වී ඇත.

අනතුරුව මාහට මතක් වූයේ ගිය සතියේ ප්‍රසන්න සර් කරපු පාඩමයි. එහිදී ඔහුට රතු පැහැ රසායනිකයක වර්ණය පෙන්වීමට අවශ්‍ය විය. එහිදී ඔහු පන්තිය පුරා නෙත් යොමා අනතුරුව මෙසේ කීය. " ගෑණු ලමයි ලබන සතියෙ එන කොට රතුපාට ඇඳුමක් ඇඳන් එන්න. එතකොට මම නැගිට්ටලා පෙන්නන්නම් " යනුවෙනි. පුදුමයකි. ඇගේ ටී ෂර්ටයද රතු පැහැතිය.


"අද වැඩේ හරි. අද මෙයාට නැගිටලා තමා ඉන්න වෙන්නෙ."



ඈ පුදුමයෙන් මා දෙස බැළුවාය. දිගටම ඇයට විහිළු කිරීමට පොටක් පාදාගත් මම ඇයව හොඳටම බය කරෙමි. ඇය පසු දවසක පැවසුවේ මං එදා හොඳටම බය උනා ඉසුරු. වැරදිලා හරි එහෙම කරානම් ...

විහිළුවක් ගිය දුර ..

ඉන් අනතුරුව සෑම දිනකම ඈ හා මා අතර මුණගැසීම නොකඩවා සිදු විය. ඈ පාසල් යන්නේ තාත්තා සමගින් මෝටර් සයිකලයේය. ඈ අපේ ගෙදර අසලින් යනු මා මිදුලට වී බලා සිටිමි. මං දත් මදින්නේ ඈ පාසල් යන වෙලාවටය. 10ට නැවත ගෙදර එමි. එහෙත් ඒ සියල්ල වෙනස් විය. මාත් උදේ පාන්දරින්ම ඉස්කෝලෙ යන්නට පුරුදු විය. ඈ පාසල ඇරී එනතුරු බලා සිටිමි.

"ඉසුරු දවසක අපේ ගෙදර එන්න ..."

"මට බෑ ...."

"අනේ ..."

"එහෙම එන්න පුලුවන්ද ? "

"එහෙනම් අවුරුද්දට එන්න .."

" හ් ම් ම් ම් ......"



ඈ අමනාප කර ගැනීමට ඇති අකමැත්ත නිසා හෝ ඇයගෙ දැඩි පෙරෙත්තය නිසා ඇගේ ඉල්ලීම බාර ගැනීමට මට සිදුවිය.


දැන් ඉතින් ආරාධනාව බාර ගත්ත වගේ නෙමෙයි. යන එකයි ප්‍රශ්නෙ.කරන්නට දෙයක් නැත. ඇගේ නිවස අසල පදිංචි මගේ යාළුවෙක්ට සිද්දිය පැවසුවෙමි. " මට බෑ." ගත් කටටම ඌ කීවේය. වදෙන් පොරෙන් ඌවත් ඇදගෙන අවුරුද්දට ඇගේ ගෙදර යන්න පිටත් විය. නිවස ආසන්න වන්විට මට වඩා මගේ යාළුවා ගේ කකුල් දෙක මැන්ඩලින් ගසන්නට විය.

" ආපහු යමන් බං "


" පිස්සුද මම එයාට පොරොන්දු උනා අද එනව කියල "


" යකෝ අපෙ අම්මල දැන ගනියි "


" උඹ කියපන් මගෙ වැඩකට ආව කියල. "

එවිටම ඇගේ මල්ලි " ආ අයියෙ එන්න එන්න " යැයි ගෙයි දොරකඩ සිටම කෑ ගැසුවේය.

" උඹ මුලින් පලයන් මම පස්සෙ එන්නම් " ඒ මිතුරාගේ හඬය.

මා නිවසේ ගේට්ටුව ඇර ආපසු හැරී බලන කල දෙවියන් සිහි විය. මගේ මිතුරා බයිසිකලයත් රැගෙන පලා ගොස්ය.

" පුතේ එන්න ගෙට "

" තව මොනවහරි කන්න "

" මෙයා හැමදාම කියවන්නෙ ඔයා ගැනමයි "

" මම ගිහින් එන්නම් ඇන්ටි "

" ආයෙත් දවසක ඇවිත් යන්නකෝ ..... "

ඇයත් මාත් මෙලෙස එකිනෙකාට හොරෙන් ආදරය කලෙමු. දිනක් මා ඇයට කෙටි පණිවිඩයක් යැව්වෙමි. එය සිංදුවකි.

" සිනාසෙන්න මට අවසර දෙනු මැන
සිනාසෙන්න ආසයි
ඒ ඔබ වෙනුවෙන් පමණයි .... "

" මට ආදරය කරන්නෙපා ...."

" ඇයි ඔයා කටහරි ආදරෙයිද ? "

" ඇත්ත ඉසුරු මම එයාට ආදරෙයි. මම ඔයාව පැතුවෙ යාළුවෙක් වෙන්න විතරයි. ආදරයයි යාළුකමයි කියන්නෙ දෙකක් .."

අපි අද අළුත්ගම පාරෙන් යමු. යෝජනාව ඇගෙනි. කොහෙන් ගියත් යන්නේ ගෙදරනෙ. ඇය කියන දෙයට එකඟ වීමට මට සිදුවේ. පලමු වරට මා ඈ හා එකට වාඩි වී පැමිණියේ එදාය.

" මේ මොකෝ මේ .. "


" ඇයි ? "


" කෝ ඔයාගෙ අත පෙන්නන්න "


ඇය ඇගේ දකුණු අත මාගේ ඔඩොක්කුවෙන් තබයි

" අයියෝ .. පොඩි ලමයෙක් වගේ හැම තැනම පෑන් ඉරි "

" ඉන්න මම මකන්නම් " මගෙන් පොඩි කට්ට කමකි

ඇගේ අතේ පෑන් ඉරි මකන්න ගියද සිදුවූයේ අනිකකි. කවුරු මුලින් කරාදැයි මතක නැත. අපේ දෑත් එකට පැටලිනි.

" මම ඔයාට ආදරෙයි ...." හඬ මාගේය.

පිලිතුරක් නැත. ඈ ගැන මගේ සිතේ තිබුන බලාපොරොත්තු සේරම ඈ ඉදිරියේ දිග හැරීය.

" ඔයා කියන්නෙ මගෙ මුලු ලෝකෙම . ඔයා නැති උනොත් මට පිස්සු හැදෙයි ...."

" නෑ ඉසුරු මම ඔයාට කවදාවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. මම හැමදාම ඔයා ගැන බලනවා. "

අත ගන්න බහින්න පරක්කු වෙනවා. ඇයටනම් ගානක් වත් නැති හැඩයි. විභාගයට තව මාසයක්වත් නැත. ඕ ලෙවල් කරන කාලයේ ගනන් සර් කියන ලද කවියක් මතක් වෙයි.

" විභාගය අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ
ඌ .... "

" ඔයා මට ආදරේ නේද ? "

" හ් ම් ම් ම් ... "


" කොච්චරක් .."

" මෙච්චරයි " ඈ මැද ඇඟිල්ලට මහපට ඇඟිල්ල තබා සුළු ප්‍රමානයක් පෙන්වයි

" අනේ තව ටිකක්...."

" බෑ ඈ ඈ ....."

" හ් ම්ම් කමක් නෑ මට ජීවත් වෙන්න මේත් ඇති ..."


Bookmark and Share

24 comments:

මල්$han said...

අෆ්ෆා නියම ස්ටෝරියනේ...පාර්ට් 2 එකත් ළඟදිම එනවනේ??අවුලක් නෑ මං වගේම තමයි නේ?

සුදු මහත්තයා said...

අංජුල මේක මේතරම් ඉක්මනට පෝස්ට් කරපු එකේ සම්පූර්ණ ගෞරවය ඔයාට. ඔයාගෙ දිරි ගැන්වීම් නිසා තමයි මේක ඉක්මනටම අනික් අයටත් කියවන්න ලැබුනේ.

නැත්නම් ඉතින් දන්නවනේ මට තියෙන කම්මැලිකම

Anonymous said...

සිරාවටම ලියලා තියනවා ඉසුරැවා. අනික ඉක්මනට ලියපන්.. මමත් උඹේ උපදෙස් අනුව බ්ලොග් එකක් ලිව්වා...

Nuwan

Anonymous said...

ළමයා...සිංහල තව ටිකක් polish කර ගත්තා නම් එළකිරි! වියරණ දොස් දැක්කාම ටිකක් විතර අප්සෙට් යනවා...කතාවේ රසයට ඒකත් බල පානවා නෙව!!

මල්$han said...

අහා!!! ඕක මොකක්ද ඉසුරු.කොහොම හරි කතාව ඉක්මනට එලියට ආවනේ.ඉතුරුවත් ලියන්න ඉක්මනටම...

සුදු මහත්තයා said...

නුවන් ස්තූතියි මචන්. ඔයාගෙ බ්ලොග් එකත් මම ඉක්මනටම බලාපොරොත්තු වෙනවා

සුදු මහත්තයා said...

සචී අක්කා. ස්තූතියි වැරැද්ද පෙන්නුවට. මම ඒක හදාගන්න උත්සහ කරන්නම්. බැරිවෙන එකක් නෑ

දුකා said...

ෂාහ් හොදයි නොවැ . . . නමුත් මට පොඩි දෙයක් හිතුනා මගේ ලියන ඒවාට ටැබූ නිතර නිතරම ආපහු ආපහු කියවල බලල දාන්න කියන්නේ ඇයි කියල මට තේරුනා . . . ඔයත් හොඳට කියවල බලල ඉවර වෙලාම දාන්න මලේ . . ලිවීම හොඳයි .. අර කිව්ව වගේ පොඩි පොඩි දේවල් තියෙනවා ඒවා ඉදිරියට හරි යයි . . . ජය වේවා . . .

Prabhath Darshana said...

අහ්..ඉසුරු අයියා(සුදු මහත්තයා) ලස්සන කටු සටහනකට අත ගහලනෙ.. නියම කතාව..ඊලඟ කොටසත් ඉක්මනට ලියන්න.

සුදු මහත්තයා said...

ස්තූතියි දුකා අයියේ. මම උපරිමයෙන් උත්සහ කරනව වැරදි හදා ගන්න.

ප්‍රභාත් ස්තූතියි මල්ලි

EXPRESS[දිලංක මාධව] said...

එළ එළ....
අපටනම් දැන්ම ඔය කතා දාන්න බෑ නෙව... ගෙදරින් බත් කන්නත් එපාය....

සුදු මහත්තයා said...

බයවෙන්නෙපා මල්ලි. ඔන්න ඔහෙ දාන්න

පබලු said...

adara kathave devai kotasa ikmnata danna sudu mahaththayaa

Anonymous said...

නියමයි කාලෙකින් හුරතල් කතාවක් කියවන්න අවස්තාවක් හම්බ උනේ. දෙවෙනි කොටස එනකල් බලාගෙන ඉන්නවා.

Leshan Lakmal Wickramage said...
This comment has been removed by the author.
Leshan Lakmal Wickramage said...

putha............
"ඔබේ අදහස් මට වටිනව. ඒ නිසා ඔබේ අදහස් කියලම යන්න. සිංහලෙන් කොටන්න මෙතනට යන්න"
කියලා මෙහෙම දාන්න...........
මෙතනට යන්න

සුදු මහත්තයා said...

@ Leshan ස්තූතියි ඔබේ අදහස් වලට

@ Anonymous & Pabalu ඔන්න මම දැම්මා

ජනුක said...

බන් මේක ඇත්තටම උබට වෙච්චි දෙයක් ද?? මාරෙට ලියල තියෙනවා..

සුදු මහත්තයා said...

@ ජනුක ඔව් මචන්. මේක ඇත්තම සීන් එකක්...

ජනුක said...

@සුදු මහත්තයා ...හ්ම්.. ඒක තමයි.. මාර live ගතියක් තියෙනව කතාවෙ..

indik said...

සුදු මහත්තයගෙ කතාවනම් බොහොම සංවේදී. කෙලින්ම කිව්වොත් පපුවටම වදිනව. මගේ කතාවත් මේ වගේ. මගේ විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක්ගෙ හදවත්වලට සුදු මහත්තයා කතා කරල තියෙනව. මේක ඇත්ත අත්දැකීමක් නොවුනනම් හොඳයි කියල මම හැම වෙලේම ප්‍රාර්ථනා කරනව.

Anonymous said...

පට්ටනෙ

මධු වීරකෝන් said...

ලස්සනයි....

ලහිරු චානක said...

වැඩේ කියන්නේ කොහේ ගියත් දන්න කියන දෙයක් හෝ කෙනෙක් සම්බන්ධයි නේ...
හොඳයි කථාව... ඇත්තමයි ....
අපිත් බද්දේවිතාන සර් සරණ ගිය අය තමා...
මගේ තැනටත් ගොඩවෙන්න දවසක...

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails