අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

ආදර්ශවත් තරුණයා



පහුගිය දවසක මිදුලට වී උන් මාහට දක්නට ලැබුනේ අධික වේගයෙන් දැවනය වූ මෝටර් සයිකලයකි. පදවාගෙන ගියේ තරුණයෙකි. අපේ පාරෙනම් ඉතින් මේ තරම් වේගයෙන් ගියොත් ඉන්න වෙන්නේ අහල පහල වෙලකය. ඔහුට ඒ බවක් ගානක්වත් නැත. නමුත් නැවත මාහට දක්නට ලැබුනේ ඔහු සිය බයිසිකලය හරවාගෙන නැවත සෙමෙන් පාර පිරික්සමින් එන අයුරුය. ගිය වේගයට ඔහුගේ බයිසිකලයේ තිබූ යමක් වැටෙන්නට ඇත. මටත් නිකන් ඉන්න බැරි කමට පාරට ගියවිට දුටුවේ ඔහු අසල ඇති ඇලට බැස කුමක්දෝ කරන බවය. ලං වී බලන කළ ඔහු අත සිටියේ කොරවක්කෙකි.


ඔහු සිටියේ කොරවක්කාට වතුර පොවමින්ය. ඔහු අසලට පිවිසි මට ඔහු පැවසූයේ " බයික් එකේ වැදුන මල්ලී " යනුවෙන්ය. අනතුරුව ඔහු විසින්ම කොරවක්කා දෙපයින් සිටවා උගේ පියාපත් පිරිමැද නැවතත් පොල්කට්ටක් රැගෙන ඌට බීමට වතුර දෙන ලදි. ටික වේලාවක් එසේ සිටි එම සතා නැවත තම දෙපයින් උගේ වාසස්ථානය කරා ඇදී ගියේය. ඔහු දුටුවිට මට මතක් වූයේ වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවන් වැනි මිනිසුන් ඇත යනුවෙන් චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන ලද ගීතයයි.




මින් පෙර අප ජීවත් වූයේ ගාළු පාරට ඉතා සමීපව පිහිටි නිවසකය. එහිදී නිරන්තරයෙන්ම රිය අනතුරු සිදුවනු දැක තිබේ. නමුත් ඒ වාහන මහමග මිනිසුන් මැරී යද්දීත් තම වාහනය නොනවත්වා ධාවනය කර තිබෙනු මාදැක ඇත. ඔවුන්ට මිනිස් ජීවිතයක් ගැන දූවිල්ලකවත් ගානක් නැත. එවැන්නන්ට මේ තරුණයා දුන්නේ මහඟු ආදර්ශයක් නොවෙද ? ඔහු තම වටිනා ඇඳුමද විනාශ කරගෙන වතුරට පැන එම සතාගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කල අන්දම සැබැවින්ම ප්‍රශංසනීයයි. අනෙක් පුද්ගලයන්ට හෙන ගැහුවත් කමක් නැත යනුවෙන් සිතා ආත්මාර්ථයෙන් රිය පදවන බොහෝ රියදුරන් මා දැක ඇත. සැබැවින්ම ඒ තරුණයානම් අනෙක් සියළු රියදුරන්ට ආදර්ශයකි. මේ බ්ලොග් සටහන ඔහුට උපහාරයක් වශයෙනි.

Bookmark and Share

4 comments:

මල්$han said...

හ්ම්ම්...හොඳ ආදර්ශවත් ඩයල් 1.....

mbmanjula said...

හ්ම්ම්.... සිරා කතාව බන්... ඌ හොද පොරක්..
මම මේ ලගදි Town එකේ දැක්කා 'වාහනයකට යටවෙලා මැරිච්ච බල්ලෙක් පාරෙන් අයින් ක‍රලා නැහැ..අනිත් වාහන උගේ උඩින් ගිහිල්ලා ඒකා පාරට ඇලවිලා.. කිසිම කෙනෙක් නැහැ ඒ ඇලවිච්ච බල්ලාව අඉන් ක‍රන්න... :(:(

ushan said...

කෙ‍හොම උනත් හිත හොද පොරක් අපිටත් ආදරශයක්

සුදු මහත්තයා said...

ඔව්. ඔහු අප සැමටම ආදර්ශයක්

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails